CID නිලධාරීන් අවුරුදු 17 ක දරුවෙක් පැය දෙකක් හිරකරගෙන ඉඳලා!

Including his elderly parents and 17-year-old son

පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  අත් අඩංගුවට ගත් රාවණා ලංකා මාධ්‍යවේදී නිශ්ශංක ගේ අවුරුදු 17 ක් පමණ වන පුත්‍රයාත් ඔහුගේ   වයෝවෘද්ධ දෙමාපියනුත් පැය දෙකකට ආසන්න කාලයක් නිවාස අඩස්සියේ තබාගෙන සිටි බව දැනගන්කනට තිබේ.  

වයෝවෘද්ධ දෙමාපියන් සමග තවත් වැඩිහිටි පිරිමි අයෙක්ද ඇතුළුව හතර දෙනෙකු ඔවුන් නිවාස අඩස්සියට ගෙන මාධ්‍යවේදී නිශ්ශංක  ගේ නිවසද   පරීක්ෂා කර ඇතැයි වාර්තා වේ.

තමන් පත්වූ අසරණ තත්ත්වය පිළිබඳ  එදිනම   ඔහුගේ 17 හැවිරිදි පුතා වන විහංඟ විවේක ලෝචන විසින් ළමා ආරක්ෂක අධිකාරියට  පැමිණිලි කර තිබුණත් මේ වන තෙක්ම කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව වින්දිත පාර්ශවය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ  අනීතික හැසිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එරෙහිව ගත හැකි උපරිම නීතිමය පියවර ගන්නා බව වින්දිත පාර්ශවය ලංකාසර කළ විමසීමක දී පැවසුවේය.


 

Exit mobile version