සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපරාධ ලෝකයේ පට්ට පොරවල්වල නරිවාදම් රෙදි පල්ලෙන් බේරෙන හැටි බටුවත්තේ චාමරගෙන් දැනගන්න….

by editor
මැයි 15, 2026
in පුවත්
BATUWATTE-CHAMARA
Share on FacebookShare on Twitter

ගයාන් සමරසිංහ –

මුන් නම් උගේ ආච්චිලාගේ චණ්ඩිය.  විටෙක ඩුබායි සිටත් ඩුබායිවල ජීවත් වීමට නොහැකි තරමේ ආරවුල් ඇති වෙනවිට අසර්බයිජානයට පැන ගොස් සැඟීවී සිටත්  රට පටලවන ගේම් ගැසුවා යැයි කියන දාර චණ්ඩියෙක් වු බටුවත්තේ චාමර ගැන කියන්නට ඇත්තේ අයියෝ මුංගේ පාතාල චණ්ඩිකම් කියලාය.  මුන් ගැන  හතර අතේ වනා ලියපු උන් ගැනත් දුක හිතෙන්නේය. අසර්බයිජානයේ සිට ලංකාවට කුදලාගෙන  විත් අධිකරණයට ඉදිරිපත් කළ පසු  ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය ලබාගෙන තිබුණේ පැය 72ක් පමණය.  අම්මා මුත්තා  කිරි කෑ තැන හිට දැන් බටුවත්තේ චාමර  වමාරන බව සැලය.

කවදාවත් මාට්ටු නොවෙන්නට ගේමක් ගැසූ  ගම්පහ ඔස්මන් දැන් ගණේමුල්ල සංජීව ඝාතන නඩුවට  කොටුවී සිටින්නේත් බටුවත්තේ චාමර කියවන කියැවිල්ලේ ප්‍රමාණයටය.  මේ යන විදිහට ඊළඟට පත්තුවනු ඇත්තේ තුසිත හල්ලොලුවටය. තුසිතයාත් ගේමක් ගහන්නට කොන්ත්‍රාත් එක දී ඇත්තේ මරු පොරකට බව හෙට අනිද්දා රෙදි ගලවාගෙන රටට කියනු ඇත.

තමන්ම මානසිකව  දැවැන්ත ප්‍රතිරූප හදාගෙන එම දාර චණ්ඩින්   නඩත්තු කිරීම සඳහා ගේම් ගහන භින්න පෞරුෂයක් සහිත කාලකණ්ණින්ගේ ස්වරූපය  බටුවත්තේ චාමර පෙන්වා දී ඇත.  මාට්ටු වූ පසු නරිවාදම් රෙදි පල්ලෙන් බේරෙන්නේය. ඌ පොරක් කියා හිතානෙන ගේම් ගහන්නට කොන්ත්‍රාත් දුන් උන් ද දැන් ඉවරය.

කුඩු විකුණමින්, කුලියට මිනී මරවමින්, පාතාලය තුළ ආයුධ කළමනාකරණය කරමින් සිටි බටුවත්තේ චාමර කවරෙක්දැයි තේරුම් ගැනීම වෙනම සමාජ විද්‍යාත්මක පරීක්ෂණයකි. ඒ ගැන කතා කිරීම පසුවට තබා මේ පුද්ගලයා අත් අඩංගුවට ගත් ආකාරය ගැන මුලින්ම ලියා තැබිය යුතුය.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

අත් අඩංගුවට ගත් ආකාරය

මේ පුද්ගලයා රතු වරෙන්තුවක් තිබුණු අපරාධකරුවෙක් නොවේ.  රතු වරෙන්තුව නොතිබීමට ඇති හේතුව වන්නේ මේ අපරාධකරු ගැන අපරාධ විමර්ශන අංශවල  අවධානය යොමු වන්නේ මෑතක දී වීමය. ඔහුව අත් අඩංගුවට ගන්නේ බුද්ධි අංශයේ අතිශය තියුණු මෙහෙයුමකින් අනතුරුවය. ඩුබායිහි රැඳී සිටි බටුවත්තේ චාමර අසර්බයිජානයට පැන යන්නේ කිසිවෙකුට නොදැනෙන ලෙසය. ගණේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියෙන් පසු එළියට එන මේ සැඟවුන චරිතය සම්බන්ධව   අංශත් සිටියේ  තොරතුරු  ගැන සොයමිනි.  මේ පුද්ගලයා ගැන නිශ්චිත තොරතුරක් ලැබෙන්නේ ඒ අතරය.

මෙම අත්අඩංගුවට ගැනීම හුදෙක් සාමාන්‍ය වැටලීමක් නොව, ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි සේවාව (SIS) සහ අසර්බයිජාන රාජ්‍ය ආරක්ෂක සේවාව (State Security Service of Azerbaijan) එක්ව දියත් කළ සුවිශේෂී ඒකාබද්ධ මෙහෙයුමක ප්‍රතිඵලයකි.  ඉකුත් 10 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරී කණ්ඩායමක් විසින් දිවයිනට රැගෙන එනු ලැබූ මෙම සැකකරු  ගුවන් යානයේ දී ද  විශාල විරෝධතාවයක් දක්වා  ලංකාවට රැගෙන ඒම වළක්වා ගැනීමට උත්සාහ කර තිබිණි.  අවසානයේ දී ඔහු දිවයිනට රැගෙන ආවේය. මේ වනවිට අදාල ප්‍රශ්න කිරීම් කරමිනි.

 බටුවත්තේ චාමරගේ දෙබිඩි චරිතය

බටුවතතේ චාමරගේ නම මනෝජ් සුරංග ලියනගේය.  ගණේමුල්ලට කිලෝමීට කීපයක් නුදුරින් ඇති බටුවත්ත ඔහුගේ ගමය. ඔහු කාලයත් සමඟ ගුප්ත ලෙස වැඩුණු චරිතයකි. 2003 වර්ෂයේ පමණ සිට ඔහු සමාජය හමුවේ පෙනී සිටියේ මෝස්තර නිරූපණ ශිල්පියෙකු ලෙසය.  කතා කරන්නේත් ලාලිත්‍යයටය. පෙනුමත් ප්‍රසන්නය. හැසිරීමත් ආචාරශීලීය. ගමේ උන් හිතුවේ මේකා අහිංසකයෙක් කියාය.

2003 අවුරුද්දේ දී චාමර ගිනි අවියක් සමග පොලිසියට කොටු වන්නේය.  අපරාධ ඉතිහාසයේ  ඔහු ගැන මුල්ම සඳහන එන්නේ එතැනදීය. ගිනි අවිය සන්තකයේ තබා ගත් වරදට චාමර බන්ධනාගාරගත වන්නේය. පාතාලය සමග මේ පුද්ගලයාගේ ගැඹුරුම සම්බන්ධතා ගොඩනැගෙන්නේ මේ වකවානුවේය. අනතුරුව ජූඩ් ප්‍රියන්ත, පොට්ට නවුෆර්, කිඹුලාඇලේ ගුණා, ආනමාලු ඉමිටියාස් වැනි අපරාධකරුවන් සමග සම්බන්ධතා ගොඩනගාගෙන  බන්ධනාගාරයෙන් එන චාමර සිය කලාකාර වෙස් මූණට මුවා වී මත් කුඩු  අලෙවිය සුලුවෙන් පටන් ගත්තේය.

කලාකරුවකුගේ වෙස්මුහුණට මුවාවී ඔහු මත්කුඩු ටොන් ගණනින් මෙරටට ගෙන්වන ජාත්‍යන්තර ජාලයක තීරණාත්මක පුරුකක් ලෙස ක්‍රියා කළේය. මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වු  ගම්පහ., ගණේමුල්ල, ජා ඇල, මීගමුව, පෑලියගොඩ, වැනි ප්‍රදේශ ආශ්‍රිතව ගොඩනැගුන සැපයුම් ජාලයේ  කොටසක් බවට පත් වූ චාමර අන්තිමට ජාත්‍යාන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා ගොඩනගා ගත් ජාවාරමෙක් වුයේය.

මේ සියලුම අපරාධ සිදුකරනනේ සැඟවී සිටය. කිසිම අවස්ථාවක රළු හෝ ප්‍රචණ්ඩ හැසිරීම් ප්‍රකට නොකරමින්,  ඉතාම සියුම් ලෙස සිය ජාවාරම පවත්වාගෙන ගිය මේ අපරාධකරු  2003න් පසු වසර විස්සකට අධික කාලයක් පොලිස් අත් අඩංගුවට පත් වූයේ නැත.

 මත්ද්‍රව්‍ය තොග පිටුපස සිටි අදිසි හස්තය

බටුවත්තේ චාමර යනු හුදෙක් ප්‍රාදේශීය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නොව, මෙරට ආරක්ෂක අංශ හසුකරගත් දැවැන්තම මත්ද්‍රව්‍ය තොගවල සැබෑ හිමිකරු බව විමර්ශනවලින් තහවුරු වේ. 2020 පෙබරවාරියේදී විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසය මගින් පෑලියගොඩදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 10 ක ප්‍රමාණයත්, එම වසරේම දෙසැම්බර් 06 වැනිදා මාරවිලදී සුරාබදු දෙපාර්තමේන්තුව  හසුකරගත්   අයිස් (Crystal Meth) කිලෝ 100 සහ කොකේන්  කිලෝ 100ක  තොගයත් ඔහුගේ මෙහෙයවීම් මත මෙරටට ගෙන්වූ ඒවාය.  මීට අමතරව, පසුගිය දිනක දකුණු මුහුදේදී නාවික හමුදාව භාරයට ගත් අයිස් කිලෝ 251 ක් සහ හෙරොයින් කිලෝ 85 කට අධික තොගයේ හිමිකාරිත්වය ද ඔහු සතු බව අනාවරණය වී ඇත.

කිරින්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 400 ක තොගයකින්  අතුරුදහන් වූ බව කියන කිලෝ 100 න්, කිලෝ 40 ක ප්‍රමාණයක් එවකට බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ සිටි නිලධාරියෙකුගෙන් රුපියල් කෝටි 15 ක මුදලකට මිලදී ගැනීමට තරම් මොහු මූල්‍යමය වශයෙන් බලවත් වී සිටියේය.

ජාත්‍යන්තර ජාලය සහ සූක්ෂ්ම මත්ද්‍රව්‍ය ප්‍රවාහන උපක්‍රම

ඔහුගේ ජාවාරම් මෙහෙයුම් මැලේසියාව, ඉන්දියාව සහ යුරෝපය දක්වා විහිදී  තිබුණු බව කියැවිනි. 2024 ඔක්තෝබර් 18 වැනිදා මැලේසියානු ගුවන් සේවයට අයත් MH179 ගුවන් යානයෙන් ක්වාලාලම්පූර් සිට කටුනායකට පැමිණි මගියෙකු හරහා තේ කොළ පැකට්වල සඟවා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 10 ක් මෙරටට ගෙන්වීමට ඔහු කටයුතු කර තිබිණි. මැලේසියානු ජාවාරම්කරුවන් සමඟ සෘජු සබඳතා පැවැත්වූ ඔහු, ඉන්දියාවේ සුප්‍රකට ඉබ්‍රාහිම් ඩාවුඩ් කල්ලිය සමඟ ද සමීප ගනුදෙනු පවත්වා ඇති බව කියැවිනි.

විශේෂයෙන්ම එල්.ටී.ටී.ඊ. (L.T.T.E) හිටපු සාමාජිකයන් සමඟ සබඳතා පවත්වමින් ඔවුන්ගේ මුදල් විශුද්ධීකරණයට සහ අවි සැපයීමට චෝදනා ලැබ ප්‍රංශයේ වෙසෙන ‘රූබන්’ නමැත්තා සමඟ එක්ව ඔහු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය හා අපරාධ ජාලය මෙහෙයවා තිබුණේය.

දේශපාලන හයිය සහ පාතාල සන්නද්ධ ගැටුම්වල මැදිහත්වීම

බටුවත්තේ චාමරගේ දේශපාලන සබඳතා 2005 වසරේ තරම් ඈත අතීතයකට දිව යයි. එවකට පැවති මහා මැතිවරණ සමයේ පාතාල කණ්ඩායම් දේශපාලන පක්ෂ සමඟ බෙදී සිටියදී, එක් පාර්ශවයක ආරක්ෂාව සඳහා ‘ආමි සම්පත්’ පෙනී සිටි අතර අනෙක් පාර්ශවය වෙනුවෙන් චාමර සැඟවී සිට සිය සම්බන්ධකම් හරහා ගේම් ගැසුවේය.  කොටහේනේදී රවි කරුණානායක ඇතුළු පිරිසට ‘කොළඹ හාදයා’ නොහොත් ජූඩ් ප්‍රියන්ත යොදවා ප්‍රහාරයක් එල්ල කිරීම මෙහෙයවන ලද්දේ ද මොහු විසිනි.

ඔහු පාතාලයට  ගිනි අවි ලබා දිමත් කළේය.    රත්මලානේ රොහා ඝාතනය කිරීම සඳහා ගල්කිස්ස අධිකරණ සංකීර්ණයට පැමිණි වෙඩික්කරුවන්ට අවශ්‍ය ගිනි අවිය ප්‍රංශයේ සිටින රූබන් හරහා මිලදී ගෙන ලබා දී ඇත්තේ ද බටුවත්තේ චාමර විසිනි. මෙරට ප්‍රධාන පෙළේ අපරාධකරුවන් වන වැල්ලේ සාරංග, රත්මලාන රසල්, කෙහෙල්බද්දර පද්මේ සහ ජූඩ් ප්‍රියන්ත සමඟ එක්ව ඔහු බොහෝ සන්නද්ධ අපරාධ සඳහා හවුල් වුනේය.

ගණේමුල්ල සංජීව සමග ගනුදෙනුව

ගණේමුල්ල බටුවත්තට නුදුරුය.  ගණේමුල්ලේ සංජීව සමග එක් කාලයක බටුවත්තේ චාමර සමීපව ඇසුරු කළේය. සංජීවගේ අපරාධවල ඇතැම් තැන්වල චාමරත් හිටියේය.   සංජීව ගැන හොයන විට ඔහුට    මෙරටින් පලා යාම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සහ සැලසුම් සකස් කර දීම ද බටුවත්තේ චාමර විසින් සිදුකර ඇති බව අනාවරණය වූයේය. අවසානයේ දි සංජීව මරන්නට යන වෙඩික්කරුවට ගම්පහ ඔස්මන්ගෙන් ආයුධ අරන් දී  තියෙන්නේ බටුවත්තේ චාමරය.

අවසානයේ දී චාමරත් ඩුබායි රටට පලා යන්නේය.  එහි ඉන්නට බැරි තැන අසර්බයිජානයට යන්නේ ය. අන්තිම කාලයේ  චාමර හොම්බෙන් ගිහින් හිටි බවටවූ කතා ද ඇත්තේය.

කෙසේ වෙතත් මේ පුද්ගලයා සම්බන්ධව අපරාධ ලෝකයේ ද තිබුනේ අවඥාසහගත හැඟීමකි.  කේලාම් කියමින් කොටවමින් පාවා දෙමින් හැසිරෙන කොන්දක් නැති පඹයෙක් ලෙස  ඔහුව හඳුන්වා තිබුනේය. ජාවාරම් කිරිමට අවශ්‍ය බුද්ධිය සහ සියුම් නුවණ තිබුණ ද ඔහුට ඒ සඳහා එන ප්‍රතිරෝධවලට මුහුණ දීමට හැකියාවක් තිබුණේ නැති බව පැවසුනේය.  බටුවත්තේ චාමර මුල් අවධියේ සිට නඩත්තු කරගෙන ආවේ මේ චරිත ලක්ෂණය ය.

අප විශ්වාස කරන්නේ බටුවත්තේ චාමර මහ කෙළ කළ බව කියන අපරාධ ලෝකයේ අයියලාගේ රෙදි අපරාධ විමර්ශන නිලධාරින් ඉදිරියේ ගලවනු ඇති බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අවුරුදු මිලියන 120කට පසු තායිලන්තයෙන් මතුවුන අලි 09කට වැඩි බර අති දැවැන්ත ඩයිනෝසරයාගේ කතාව… නාගටයිටන් ගැන කියවන්න…

Next Post

 අද සිට ලංකාවේ  පූර්ණ වශයෙන් ආරම්භවන PayPal ගෙවීම් වේදිකාව යනු කුමක් ද?

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.