බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුදල් අමාත්‍යාංශයේ ඩොලර් මිලියන 2.5ක වංචාව: රහසිගත වාර්තාව හර්ෂ ද සිල්වා ප්‍රතික්ෂේප කරයි! නිල වාර්තාවක් බදාදාට කලින් ඉල්ලයි!

by editor
ජූනි 2, 2026
in පුවත්
Harsha
Share on FacebookShare on Twitter

මුදල් අමාත්‍යාංශයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනික ලෙස හුවමාරු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් වෙත පෞද්ගලිකව එවූ වාර්තාවක් ප්‍රතික්ෂේප කළ බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (PFC) සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ අදාළ වාර්තාව තමන්ගේ පෞද්ගලික පරිශීලනය සඳහා නොව, පාර්ලිමේන්තුව වෙත නිල වශයෙන් ඉදිරිපත් කර කාරක සභාව මඟින් සමාලෝචනය කළ යුතු එකක් බවයි.

මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමක් අමතමින් හර්ෂ ද සිල්වා සඳහන් කළේ, මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් අවශ්‍ය සියලුම ලියකියවිලි ද සමඟින් වාර්තාවක් සති හතරක් ඇතුළත ලබා දෙන ලෙස මීට පෙර මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබූ බවයි.

කෙසේ වෙතත්, සකස් කරන ලද වාර්තාව තමන්ගේ “පෞද්ගලික පරිශීලනය” සඳහා පමණක් එවීමට පියවර ගෙන තිබූ බවත්, කාරක සභාව විසින් ඉල්ලා සිටි වාර්තාවක් මෙලෙස පෞද්ගලික මට්ටමින් එවීම කිසිසේත්ම පිළිගත නොහැකි බවත් ඔහු කීය.

“මම මහජන නියෝජිතයෙක් වගේම මේ වන විට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනවා. මේ වාර්තාව ඉල්ලා සිටියේ කාරක සභාවට පරීක්ෂා කර සාකච්ඡා කරන්න මිසක්, මගේ පෞද්ගලික පරිශීලනය සඳහා නෙවෙයි,” යැයි සභාපතිවරයා පැහැදිලි කළේය.

RelatedPosts

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ඒ අනුව එම වාර්තාව භාර ගැනීම ප්‍රතික්ෂේප කර, එය නැවත පාර්ලිමේන්තුව හරහාම එවීමට කටයුතු කළ බව පැවසූ හර්ෂ ද සිල්වා, රාජ්‍ය මූල්‍ය පිළිබඳ කරුණු අධීක්ෂණය කිරීමේ ව්‍යවස්ථාපිත වගකීම පාර්ලිමේන්තු කාරක සභාවලට පවතින බව ද අවධාරණය කළේය. වාර්තාව නිල වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කාරක සභා සාමාජිකයන් වෙත ලබා දිය යුතු බවට එහි සිටි සෙසු සාමාජිකයන් ද එකඟ වී ඇත.

ස්ථාපිත පාර්ලිමේන්තු ක්‍රමවේදයන් මඟහැර කටයුතු කිරීමට උත්සාහ කිරීම මඟින්, මහජන මුදල් සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ චෝදනාවලදී වගවීම සහ ප්‍රජාතන්ත්‍රවාදී අධීක්ෂණය පළුදු වන බව ද ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව, අදාළ වාර්තාව එළඹෙන බදාදා දිනයට පෙර පාර්ලිමේන්තුව හරහා විධිමත්ව ඉදිරිපත් කරන ලෙස මුදල් පිළිබඳ කාරක සභාව මේ වන විට අදාළ බලධාරීන්ට නියෝග කර තිබේ. වාර්තාව ලැබුණු පසු කාරක සභා සාමාජිකයන් එහි අන්තර්ගතය සමාලෝචනය කර ඉදිරි රැස්වීමකදී ඒ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කිරීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමරිකාවෙන් පරිත්‍යාග කළ TH-57 ‘සී රේන්ජර්’ හෙලිකොප්ටර් 10 ලංකාවට ළඟා වෙයි!

Next Post

අරලගංවිල ගොවි පවුල් 40ක්  අවුරුදු 40ක් තිස්සේ වගා කළ වගා බිම් අහිමි වෙයි… වගා කරලා තිබෙන්නේ වැව් රක්ෂිතයේ… මහවැලිය කියයි!  

Related Posts

පුවත්

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

ජූලි 22, 2026
Ravindra-Wijegunawardhana
පුවත්

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

ජූලි 22, 2026
පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

ජූලි 22, 2026
Ravindra-Wijegunawardhana

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

ජූලි 22, 2026

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!
  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!
  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.