අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශපාලන බලය යොදා ඉඩම් අල්ලා ගැනීම් මින් පසු නෑ… ජනපති නියමයෙන් නැගෙනහිර ඉඩම් රැකගන්න විශේෂ කමිටුවක්

by editor
මැයි 22, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අම්පාර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පැහැදිලි ප්‍රකාශ කිහිපයක් සිදු කළේය.

දේශපාලන බලය භාවිතා කරමින් ඉඩම් අල්ලා ගැනීම හේතුවෙන් නැගෙනහිර පළාතේ ගැටලු රැසක් මතුව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා තවදුරටත් ඊට ඉඩ දිය නොහැකි බවද අවධාරණය කළේය.  නැගෙනහිර පළාතේ ඉඩම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කරන බවත් එහිදී අවධාරණය කෙරිණි.

පලාතේ ඇති අනෙක් බරපතලම ප්‍රශ්නය අනවසර ඉඩම් ගොඩකිරීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා   ඉදිරියේදී ඊට ඉඩ නොතබන ලෙස ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ පරිපාලන ව්‍යුහයන් බෙදිය යුත්තේ ජාතීන් අනුව නොව, භූමියේ විශාලත්වය සහ ජනගහනය වැනි පොදු නිර්නායක මත බවය.

නුවරගල පුරාවිද්‍යා රක්ෂිත භූමිය සංරක්ෂණ කිරීම සහ ආරුගම්බේ, පානම සංචාරක ප්‍රදේශ සංවර්ධනයත්, දෙහිඅත්තකණ්ඩිය හේනානිගල දකුණ ආදිවාසී ගම්මාන මූලික කරගත් මාදුරුඔය රක්ෂිතය ආශ්‍රිතව සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක් විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම සම්බන්ධීකරණ රැස්විමේ දී ගත් වැදගත් තීරණ රැසක සංක්ෂිප්තය පහත දැක්වේ.

ඉඩම් සහ පදිංචි කිරීම්

  • අනවසර ඉඩම් ගොඩකිරීම්: නැගෙනහිර පළාතේ සිදු කෙරෙන අනවසර ඉඩම් ගොඩකිරීම් වහාම වැළැක්වීමට ආරක්ෂක අංශ වෙත උපදෙස් දෙන ලදී.
  • අවතැන් වූවන් නැවත පදිංචි කිරීම: යුද ගැටුම් අවසන් වී වසර 16ක් ගතවුවද අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමට නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම පිළිබඳ අවධානය යොමු කර, ඒ සඳහා කඩිනම් සැලසුම් සකස් කිරීමට නියෝග කෙරිණි.
  • පවරා නොගත් මහවැලි ඉඩම්: ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් වසර 5කට පෙර ලබා දී ඇතත්, මෙතෙක් ව්‍යාපෘති ක්‍රියාත්මක නොකර ඇති වාණිජ වටිනාකමකින් යුත් ඉඩම් නැවත පවරාගෙන විධිමත් වැඩසටහනක් යටතේ ජනතාවට ලබා දීමට පියවර ගැනේ.

වෙරළ සංරක්ෂණය සහ සංචාරක ප්‍රවර්ධනය

  • විද්‍යාත්මක ක්‍රමවේද: සමුද්‍ර ඛාදනය වළක්වා ගැනීමට ගල්වැටි දැමීම ප්‍රායෝගික විසඳුමක් නොවන බැවින්, ඔලුවිල් වරාය සහ ධීවර වරාය ආශ්‍රිතව ස්ථීර විසඳුමක් සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් පිළිබඳ කඩිනම් අධ්‍යයනයක් සිදු කිරීමට උපදෙස් දෙන ලදී.
  • සංචාරක කර්මාන්තය: වෙරළ තීරය ආරක්ෂා කර ගනිමින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට නිසි සැලැස්මක් සකස් කළ යුතුය. හෝටල් පවත්වාගෙන යාමේදී එක් එක් අයට වෙනස් ආකාරයට සැලකීමට රාජ්‍ය නිලධාරීන්ට ඉඩ නොතබන බව අවධාරණය කෙරිණි.
  • නව ව්‍යාපෘති: ආරුගම්බේ, පානම සංචාරක ප්‍රදේශ සංවර්ධනය මෙන්ම මාදුරුඔය රක්ෂිතය ආශ්‍රිතව ආදිවාසී ගම්මාන මූලික කරගත් සංචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු විය.

යටිතල පහසුකම්, කෘෂිකර්මාන්තය සහ නගර සැලසුම්

  • ගංවතුර සහ ජල ප්‍රශ්න: ගල්ඔය පිටාර ගැලීම හේතුවෙන් අම්පාර, සමන්තුර, කල්මුණ ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට බලපාන ගංවතුර තත්ත්වයට ස්ථීර විසඳුමක් සෙවීමට මූල්‍ය ප්‍රතිපාදන වෙන් කෙරේ. ලාහුගල ප්‍රදේශයට පානීය ජලය සැපයීමේ හැඩඔය ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමටද සාකච්ඡා විය.
  • හින්ගුරාන උක් ගොවීන්: උක් ගොවීන් වගාව තුළ ආරක්ෂා කර ගැනීම අදාළ සමාගම්වල වගකීමක් බව පෙන්වා දුන් අතර මතුව ඇති ගැටලුවලට කඩිනම් විසඳුම් සෙවිය යුතුය.
  • කල්මුණේ නගර සැලසුම්: කල්මුණ ප්‍රදේශයේ විවිධ ස්ථානවල පවතින රාජ්‍ය ආයතන එකම ස්ථානයක ස්ථාපිත කිරීම සඳහා සැලසුම් සකස් කිරීමටත්, ඒ සඳහා ඉදිරි අයවැයෙන් මුදල් වෙන් කිරීමටත් තීරණය විය.

පරිපාලනය සහ අයවැය ප්‍රතිපාදන

  • පරිපාලන ව්‍යුහය: අධ්‍යාපන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වැනි පරිපාලන ව්‍යුහයන් පිහිටුවීම ජාතීන් අනුව නොව, භූමියේ විශාලත්වය සහ ජනගහනය වැනි පොදු නිර්නායක මත පදනම් විය යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
  • 2026 අයවැය ප්‍රතිපාදන: අම්පාර දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් 2026 අයවැයෙන් රුපියල් මිලියන 22,000ක් වෙන් කර ඇති අතර, එම මුදල් අදාළ මූල්‍ය වර්ෂය තුළම නිසි ලෙස යොදවා ජනතාවට ප්‍රතිලාභ සැලසීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමකි.

දිට්වා සුළි කුණාටු සහන

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ජීවිත, වගා, සත්ව නිෂ්පාදන, ධීවර සහ නිවාස හානි සඳහා වන්දි ගෙවීමේ ප්‍රගතිය විමසා බැලූ අතර, ආර්ථික වශයෙන් පහළ මට්ටමක සිටින ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකිරීම් සහ නැවත පදිංචි කිරීම් කඩිනම් කිරීමට උපදෙස් දෙන ලදී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වසර 09කට පසු කතෝලික සභාව සහ රජය අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී!

Next Post

ඇමෙරිකානු ජාතික බුද්ධි අධ්‍යක්ෂ තුල්සි ගැබාර්ඩ් ධුරයෙන් ඉල්ලා අස්වෙයි:  

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.