ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ අද (21) උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දීමට නියමිතය.
තමන්ගේ ජීවිතය පාර්ලිමේන්තුව වූ බවත් තම ජනාධිපති ධූරයේ දිවුරුම් දීමේ අවස්ථාව සභාගර්භයෙන් පිට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළ සිදුකිරීමට අවසර ලබා දෙන ලෙසත් ඊයේ ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව ඔහුගේ දිවුරුම් දීම අද පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ සිදුවනු ඇත.
Discussion about this post