රාජ්‍ය සේවකයින් සේවයට ගෙන්වීම සීමා කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි!

ඉන්ධන සපයා ගැනීමට ඇති ගැටලුව හේතුවෙන් පොදු  සහ පෞද්ගලික ප්‍රවාහන සේවා නිසි පරිදි ක්‍රියාත්මක නොවන නිසා රජයේ නිලධාරීන් සේවය සඳහා වාර්තා කිරීමේ දී දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති නිසාත් ඉන්ධන, විදුලිය, ජලය සඳහා වන රාජ්‍ය වියදම් අවම කරගැනීම සඳහාත් රාජ්‍ය සේවයට කැඳවන කාර්ය මණ්ඩලය අවම කිරීමට අදාල චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාති සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් අද නිකුත් කර ඇත.

රජයේ අත්‍යාවශ්‍ය සේවා  පවත්වා ගැනීමට බාධාවක් නොවන ආකාරයට  සේවයට කැඳවීම කළ යුතු බවත් එහි දැක්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නිවේදනය පහත දැක්වේ.


Exit mobile version