බදියුදීන් නිවසේ පිළිස්සී මළ දැරියගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය ඇරඹේ…

බදියුදීන් නිවසේ දී පිළිස්සී මළ බාල වයස්කාර දැරිය වූ ඉෂාලිනී ජූඩි ගේ සිරුරේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලට අදාල දේහ විච්ඡේදනය මීට ස්වල්ප වේලාවකට පෙර පේරාදෙණිය රෝහල් මෘත ශරීරාගාරයේ   දී ආරම්භ විය.

මෙම විච්ඡේදනයට පෙර සිරුර විශේෂ ස්කෑන් කිරීමකට ලක් කළ අතර සියලු දත්ත පූර්ණ ලෙස ආරක්ෂා කිරීම සඳහා එම ස්කෑන් කිරීම සිදු කර තිබේ.

අධිකරණ වෛද්‍ය නිලධාරීවරුන් තිදෙනෙක්ගේ අධීක්ෂණය යටතේ මෙම පරීක්ෂණ කටයුතු සිදුකරමින් ඇත.


ඉෂාලිනි ජූඩ් දැරියගේ මළ සිරුර නිරෝධායන උපදෙස්වලට අනුකූලව විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ ගොඩගෙන දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සඳහා  පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ රැගෙන ඊයේ (30) රැගෙන ආවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත් ලුෂාකා කුමාරි ධර්මකිර්තිගේ නියෝගය පිට   මළ සිරුර ඊයේ (30) පෙරවරු 8.30 ට  ගොඩ ගත්තේය.

Exit mobile version