21 නිසා  ආණ්ඩුව බෙදෙයි ?.  සියල්ල අතහැර පොහොට්ටුව බැසිල් රැකීමේ තැතක…

නොබෙදී තියාගන්න අගමැති - ජනපති එක්වී මෙහෙයුමක....

pohottuwa

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 21 වැනි සංශෝධනය ගෙන ඒම සම්බන්ධව ආණ්ඩුව අභ්‍යන්තරයේ මත දෙකක් මේ වනවිට ඇති වී තිබේ.

ආණ්ඩුවේ එක් කණ්ඩායමක්  ඉල්ලා තිබෙන්නේ 21 වැනි සංශෝධනයට පෙර ජනතාවගේ මූලික ප්‍රශ්නවන ඉන්ධන ගෑස් සහ විදුලිය සම්බන්ධව ගැටලු විසඳුම් ගෙන එන වැඩ පිළිවෙළක් ඉදිරිපත් කරන ලෙසය. මෙම පිරිස බැසිල් රාජපක්ෂ ආරක්ෂා කරගැනීමට 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහය නොදීමේ අදහසක සිටින බව වාර්තා වේ.

එමෙන්ම ආණ්ඩුවේම තවත් කණ්ඩායමක් පවසන්නේ  පොරොන්දු වූ පිරිදි 21 වැනි සංශෝධනය වහාම ගෙන ආ යුතු බවය.

මේ ආකාරයේ අභ්‍යන්තරයේ ඇති වී තිබෙන මත දෙක අර්බුදයක් කරා ගෙන නොගොස් එය සමතයකට පත් කරගෙන එක් මතයක් කරා සියලු දෙනා එක් කර ගැනීමට අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් දැඩි උත්සාහයක නිරත වී සිටින බව දේශපාලන ආරංචි මාර්ග කියයි.


කෙසේ වෙතත් විරෝධතා මධ්‍යයේ වුවද  දැනට සකස් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ    21 වැනි සංශෝධන කෙටුම්පත  හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ මංගල  රැස්වීමට ඉදිරිපත් කරන බව ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක්  ලංකාසර කළ විමසුමකට පිළිතුරු දෙමින් පැවසීය.

21 වැනි සංශෝධනයේ මූලික අවධානය යොමු වී ඇත්තේ විධායක ජනාධිපතිගේ බලතල අහෝසි කිරීම හෝ සීමා කිරීම නොව, ද්විත්ව පුරවැසියෙකුට ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හෙබවිය නොහැකි බවට වන යෝජනාව සහ ජාතික විගණන කොමිෂන් සභාව,  ප්‍රසම්පාදන කොමිෂන් සභාව මෙන්ම ස්වාධීන කොමිෂන් සභා යළි බල ගැන්වීම ඇතුළු කරුණු කරණා ගණනාවක් බව  එම ප්‍රකාශකයා පැහැදිළි කළේය.

මෙයත් කියවන්න…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොහොට්ටුව 21 ට එරෙහි වෙයි?…

Exit mobile version