ලලිත් චාමින්ද –
2023 වර්ෂය අවසන් වනවිටත් රජය ලබාගෙන ඇති රුපියල් මිලියන 17,104.2ක ( දළ වශයෙන් බිලියන 17.1ක) විදේශ ණය ගිණුම්ගත කොට නොතිබුණ බව ජාතික විගණන හෙළිදරව් කරයි.
එසේ වුවද විදේශ රාජ්‍ය ණය වාර්තා කිරිමට භාවිතා කරනු ලබන පරිඝණක පද්ධතියේ වාර්තාව සහ රජයේ මුල්‍ය ප්‍රකාශන සංසන්දනය කිරිමේ දි මෙලෙස ගිණුම්ගත නොකළ විදේශ ණයවල එකතුව 2023 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට රුපියල් මිලියන 15,823ක් බව පෙනී ගොස් ඇත.
ඒහෙත් රජයේ මුල්‍ය ප්රකාශනවල පැහැදිලි කිරිමේ සටහන් යටතේ 2023 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට ගිණුම්ගත නොකළ විදේශ ණයවල මුළු වටිනාකම රුපියල් 17,103.2ක් ලෙස දක්වා තිබී ඇත.
ඒ අනුව ගිනුම් ගත නොකළ බව රජයේ මූල්‍ය ප්රකාශනය සඳහන් කළ විදේශ ණය ප්‍රමාණයත් සැබෑ ලෙසම රජය ගිනුම් ගත නොකළ විදේශ ණය ප්‍රමාණයත් අතර රුපියල් මිලියන 1,281.1 ක වෙනසක් ( දළ වශයෙන් රුපියල් බිලියන 1.3ක් ) නිරික්ෂණය වන බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මේ කාරණාව බැලුවත් රජය 2023 12.31 දිනට රජයේ ගිණුම් මුල්‍ය තත්ත්ව ප්රකාශනයේ ඉදිරිපත් කර ඇති විදේශිය ණය වටිනාකම නිවැරදි නොවන බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
එමෙන්ම ණය ගිවිසුම් 23කට අදාලව 2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට හා 2023 ජනවාරි මස 01 දිනට රුපියල් මිලියන 30,401ක වෙනසක් ( බිලියන 30.4 ක්) නිරික්ෂණය වන බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
මේ නිසි 2023 වර්ෂයේ දි විදේශ ණය අනුමතවිම්වල නිවැරදි වටිනාකම නිරූපනය නොවන බවද විගණන වාර්තාවේ සඳහන් වේ.