සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

2020 යූ ටියුබ් එකෙන් වැඩිම සල්ලි හොයපු අවුරුදු 09 පුංචි එකා…

by editor
දෙසැම්බර් 30, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මේ කතාව අවුරුදු නවයක දී බිලියන පතියෙක් වූ යූ ටියුබ් පැංචෙක් ගැනය.   මේ අවුරුද්දේ යූ ටියුබ් හරහා වැඩිම මුදලක් උපයා ගත්තේ මේ පැංචාය. ඔහු නමින් රයන් කාජිය. වයස අවුරුදු 9කි. මේ වනවිට මේ පැංචා වීඩියෝ පලකරමින් ලද ආදායම ඩොලර් මිලියන 24.5කි. බ්‍රෑන්ඩ් එකක් බවට පත් වූ මේ යූ ටියුබ් පැංචා ඔහුගේ නම සඳහන් සෙල්ලම්බඩු, මාර්ක ඇන්ඩ් ස්පෙන්සර් ළමා ඇඳුම්, ක්‍රීඩා භාණ්ඩ ආදියෙන් තවත් ඩොලර් මිලියන 200ක්  උපයා තිබේ.  ඊට අමතරව රූපවාහිනී සහ සිනමා වැඩසටහන් සඳහා ලෝක ප්‍රකට නිකලෝඩියොන් වැනි ආයතන සමඟ ඔහු ගිවිසුම් සහගතව සිටී.

මේ වන විට බොහෝ දෙනා යූ ටියුබ්හි වීඩියෝ පළ කරන්නේ විනෝදංශයක් ලෙස නොව ආදායම් මාර්ගයක් ලෙසය. යූ ටියුබ්හි සාර්ථකත්වයක් ලැබූ බොහෝ දෙනා පූර්ණකාලීනව ඒ සඳහා යොමු වී සිටිති. තම රසික පදනම අනුව ගෙවීම් ද ලබති. ඉපදී 9 වයස් ගිය මේ පොඩි එකාගේ අනාගතය කෙසේ වෙතත් මේ වනවිට නම් වෘත්තියක් කරන මැදිවයස් පිරුණු පුද්ගලයෙකුගේ කාර්ය කොටස සිදු කරමින් සිටී.

රයන් අපූරු සංකලනයකි. ඔහු උපතින් ඇමරිකානුවෙකි. රයන්ගේ තාත්තා ජපන් ජාතිකයෙකි. අම්මා වියට්නාම් ජාතික කාන්තාවකි. රයන් පවුලේ වැඩිමලාය. ඔහුට බාල නිවුන් සොයුරියන් දෙදෙනෙකි.

රයන් කාජිගේ අම්මා මාධ්‍යයට මෙසේ කීවාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“එතකොට එයාගෙ වයස අවුරුදු 05යි. දවසක් එයා මගෙන් ඇහුවා හැමෝම යූ ටියුබ් එකේ ඉන්නවා … ඉතින් මම නැත්තෙ ඇයි කියලා.  මම හිතුවා රයන්ගෙ වීඩියෝ ඒකක් හදලා යූ ටියුබ් එකට දාන්න. ඒ වීඩියෝ එකට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. “

රයන් මව සහ පියා සමග

මෙයින් උත්තේජනය ලැබුවේ රයන්ගේ අම්මාය. රයන්ගේ අම්මා රසායන විද්‍යා ගුරුවරියකි. ඇය සිය ගුරු වෘත්තියට සමු දුන්නාය. අනතුරුව   රයන් සමග වීඩියෝ නිර්මාණය කර යූටියුබ් වෙත යොමු කිරීමේ පූර්ණ කාලීන කටයුත්තකට යොමු වුණාය. ඇය වීඩියෝ නිර්මාණය කළාය. පවුලේ සියල්ලන්ම මේ කටයුත්තට දායක කරගත්තාය.

රයන්ගේ මුල්ම වීඩියෝව අන්තර්ජලයට නිකුත් වන්නේ වර්ෂ 2016 දීය. ඒ් වනවිට ඔහුට වයස අවුරුදු 05කි. පසුව රයන්ගේ කුඩා සොයුරියන්වන ඒමා සහ කේට් සමග කළ වීඩියෝ ලොව පුරා පුංචි දරුවන් අතර ජනප්‍රිය විය.

රයන් කාජිගේ මේ වීඩියෝ පටවල අන්තර්ගත වන්නේ කුඩා දරුවන්ගේ ක්‍රියාවන්ය.     සිහින් ඇස් සහිත ආසියාතික පෙනුමෙන් යුතු රයන්ගේ කුඩා නැගනියන් දෙදෙනාද මේ වීඩියෝ සඳහා එක් කරන්නේ විශාල ආකර්ෂණයකි.

පුංචි උන්ගේ ක්‍රියාකාරකම් ඇතුළත් වීඩියෝ සහිත මේ යූ ටියුබ් චැනලය මේ කොවිඩ් සමයේ බෙහෙවින්ම ජනප්‍රිය වූ බව පෙනෙන්නේ පොඩි දරුවන්  සිය විනෝදාස්වාදය පමණක් නොව අධ්‍යාපනයට ද අන්තර්ජාලය භාවිතයට පෙළඹුණු නිසාය. දරුවන්ගේ සරල විනෝදාස්වාදය ලබා දීමේ වින්දනීය ඉඩකඩ රයන්ගේ අම්මා විසින් අත්පත් කරගත්තාය. ඇය සිය දරුවා ලෝකයේ තරුවක් බවට පත් කළාය.

රයන් කාජි

මේ වසරේ නොවැම්බර් වන විට ඔවුන්ගේ එක් විඩියෝවක් බිලියන දෙකකට අධික පිරිසක් විසින් නරඹා තිබිනි. ඒ හේතුවෙන්ම ලෝකයේ වැඩිම පිරිසක් නැරඹූ යූ ටියුබ් චැනල 60 අතරට එක් වීමටද රයන් කාජිගේ යු ටියුබ් චැනලයට හැකි විය. පසුගිය නොවැම්බර් මස වන විට ඔහුගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කළ පිරිස මිලියන 27ක් විය. වීඩියෝ පට නැරඹූ පිරිස බිලියන 43ක් වූයේ වාර්තා පිට වාර්තා තබමිනි. ඒ් සියල්ල හරහා රයන් පැංචා බිලියනපතියෙක් විය.

ෆෝබ්ස් සඟරාව කියන්නේ රයන් කාජි මෙතරම් ආදායම් ලැබුවේ මේ වසරේ පමණක්ම නොවන බවය.  වර්ෂ 2016 – 2017 වසරවලදී පමණක් ඔහුගේ ආදායම ඩොලර් මිලියන 11ක් විය.

මේ වන විට කුඩා රයන් කාජි විසින් අතගසා ඇති වෙළෙඳපොළ අති විශාලය. ඒ අතරින් අංක එක වන්නේ සෙල්ලම් බඩු ව්‍යාපාරයයි. රයන් කාජිගේ නමින් සහ ඔහුගේ රුව රැගත් කුඩා සෙල්ලම් බඩුවලට ලොව පුරා ඇත්තේ අධික ඉල්ලුමකි. ලොව පුරා කාටූන් ඇතුළු ළමා චිත්‍රපට නිෂ්පාදන සමාගම්ද මේ කුඩා දරුවා යොදමින් කතා මාලාවන් නිපදවීමට ඔහුගෙන් කාලය ඉල්ලමින් සිටිති. ගිවිසුම්වලට එළඹෙති.

නිවුන් නැගනියන් සමග

රයන් නැමැති නොදරුවා මේ වෙළෙඳපලට තල්ලු කරන්නේ ඇයගේ මවය. දැන් මේ දරුවා ධන නිධානයකි. එහෙත් කුසලතා පූර්ණ මේ පැංචාගේ අනාගතය සම්බන්ධව ඇත්තේ සංකීර්ණයකි.  තමන්ට දරාගත නොහැකි අත්දැකීම් පරාසයකට විවර වන මේ දරුවාගේ අධ්‍යාපනය ඇතුලු දරුවෙක් ලෙස විඳිය යුතු අයිතිවාසිකම් ලැබුවායැයි අප විශ්වාස කරන්නේ නැත.

එසේ නම් ලෝකය හමුවේ බරපතලම අපයෝජනයට ලක් වූ පොඩි ඒකා රයන් ද?

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් වෛරසයට දින 25ක් ජලයේ ජීවත්විය හැකි බව හෙළිවෙයි

Next Post

ෆ්‍රීසර් ඇති තරම් තියනවා… කොවඩ් මරණ තැන්පත් කිරීම ගැටලුවක් නෙවෙයි…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.