2020 දී පමණක්  EPF එකෙන් කෝටි 530ක් විනාසයි… විගණනය හෙළි කරයි!

සුජිත් හේවාජුලිගේ –

සේවක අර්ථසාධක අරමුදල සිදුකළේ යැයි කියන පල ප්‍රයෝජනයක් නොමැති  ආයෝජන හේතුවෙන් එම අරමුදලට  2020 වර්ෂයේදී රුපියල්  කෝටි 530කට වැඩි මුදලක් අහිමිවී ඇතැයි  රජයේ විගණන කාර්යාලය පවසයි.

සේවක අර්ථසාධක අරමුදල 2020 වර්ෂයේදී එක්තරා  සමාගමක ආයෝජනය කර තිබූ රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් එම සමාගමේ බලපත්‍රය අහෝසි කිරීම නිසා  අහිමිව ගොස් ඇතැයි රජයේ විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

මෙයට අමතරව සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් කෝටි පන්සියයකට ආසන්න මුදලක් හෝටල්  සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ආයෝජනය කර ඇති බවත් 2020වර්ෂය වන විටද එහි ව්‍යාපාර කටයුතු ආරම්භ කර නොතිබීම නිසා  එම  මුදල්වලින්  කිසිම ප්‍රතිලාභයක් අත් නොවුණු  බව  ඒ වාර්තාව සඳහන් කරයි.


සේවක අර්ථසාධක අරමුදල  ලයිස්තුගත සමාගම් 83ක රුපියල් කෝටි අටදහස් තුන් සිය හතළිස් හයක මුදලක් ආයෝජනය කර තිබුණද  2020 දෙසැම්බර් මස 31 වෙනිදා වනවිට එම ආයෝජනවල වෙළෙඳපොළ වටිනාකම කෝටි හත් දහස් අසූවක් දක්වා කෝටි 1265 කින් එනම් සියයට 15කින් පමණ  පහත වැටී තිබුණු බව ජාතික විගණන කාර්යාලය තොරතුරු අනාවරණය කරගෙන ඇත

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප –

Exit mobile version