ලලිත් චාමින්ද –
ඉදිරි සුරැකුම් ගණුදෙනුව (හෙජින්) හේතුවෙන් 2020 වර්ෂය වනවිට ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාවට කෝටි එක්දහස් හාරසිය දෙකකුත් ලක්ෂ අසූවක (රුපියල් මිලියන 14028) පාඩුවක් සිදුවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් 2020 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සදහන් වේ
ලංකා ඛණිජතෙල් නිතිගත සංස්ථාවේ ඉදිරි සුරැකුම් ගණුදෙනුවලට අනුව වාණිජ්‍ය බැංකු කිහිපයක් සමග එළඹ තිබු ඉදිරි සුරැකුම් ගිවිසුම් සම්බන්ධයෙන් බේරුම්කිරිමේ ක්‍රියාවලියේ පාර්ශවයක් වශයෙන් . ඛණිජතෙල් නිතිගත සංස්ථාව කැඳවා තිබුණි.
පාර්ශව අතර එළඹ තිබු බේරුම් කිරීමේ ඔප්පු යටතේ රුපියල් මිලියන 7613 ක් ස්ටැන්ටඩ් චාටඩ් බැංකුවට 2013 ජුනිමස 03 වැනිදි දින ගෙවා තිබුණි. ඩොයිෂ් බැංකුවට රුපියල් මිලියන 3881ක් 2016 අගෝස්තු මස 04 වැනිදින ගෙවා තිබුණි
හෙජින් ගණුදෙණුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකා මහ බැංකුව විසින් නීති වියදම් වශයෙන් රුපියල් මිලියන 941.2ක් වැයකොට තිබු බවද ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවේ සදහන් වේ..







