fbpx
සඳුදා, සැප්තැම්බර් 25, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home පුවත්

2011 ලෝක කුසලානයේ සිදුවූයේ මහින්දානන් ද කියන කතාව ද

editor by editor
ජූනි 18, 2020
in පුවත්
0
Share on FacebookShare on Twitter

වර්ෂ 2011 පැවති  ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී තරග පාවාදීමක් නිසැකවම සිදුවූ බවට හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ කරන චෝදනාව  හැකි නම්   නම් ගම් ඇතුළු  සාක්ෂි සාධක සහිතව ඉදිරිපත් කරන ලෙස එම අවසන් මහා තරගය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර හා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහෙල ජයවර්ධන අද (18) අභියෝග කළේය.

එසේ අභියෝග කරන්නේ මහින්දානන්ද අලුත්ගමගේ විසින් නිකුත්  කළ ප්‍රකාශයට සිය ට්විටර් ගිණුම හරහා ක්ෂණික ප්‍රතිචාර දක්වමිනි.

RelatedPosts

තරුණ බිරිය නිවස තුළදීම සැමියාට පිහියෙන් ඇණ මරා දමයි…

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ලෝකඩ පදක්කම බංගලාදේශයට…

එතුමා බිසී… කියුබාවේ සහ ඇමරිකාවේ සංචාරයෙන් පසු ඊයේ දිවයිනට පැමිණි ජනපති යළි හෙට ජර්මනියේ නිල සංචාරයක!

අද (18)   හිටපු ක්‍රිඩා අමාත්‍යවරයා ප්‍රසිද්ධ මාධ්‍යය ඔස්සේ පවසා තිබුණේ 2011 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් අවසන් කරගයේදී ශ්‍රි ලංකාව තරග පාවා දීමක් කළ බවයි.

“ මම වගකීමෙන් කියනවා අපි 2011 ලෝක කුසලානය වික්කා.  රටක් හැටියට මම හෙළි කරන්න කැමති නෑ. අපිට ඉන්දියාවත් එක්ක ගහන්න තිබුණ තරගය දිනන්න තිබුණා. නමුත් මම කියනවා  ඒක පාවාදීමක් කළා කියලා.  මට ඒ පිළිබඳව ඕන නම් විවාදයක්  කරන්න පුළුවන්. මම මේකට  ක්‍රීඩකයන් සම්බන්ධ කරන්නේ නෑ. නමුත් යම් පාර්ශ්වයන් මේකට සම්බන්ධ වෙලා කටයුතු කළා.“ යැයි කළ සඳහනට පැය කිහිපයක් තුළ මෙරට ක්‍රීකට් ක්ෂේත්‍රය තුළ මහත් ආන්දෝලනයක් ඇති කළේය.

මහෙල ජයවර්ධන

කෙසේ වුවද  මෙය ප්‍රචාරය වී ටික වේලාවකදී තම ට්විටර් ගිණුමට  පණිවිඩයක් එක් කළ මහේල ජයවර්ධන සඳහන් කළේ  ඒ පිළිබඳව සාක්ෂි සාධක පවතින්නේ නම්, නම් ගම් සහිතව  ඒවා ඉදිරිපත් කළ යුතු බවය.

“මැතිවරණය අත ළඟයි. සර්කස් ආයෙත් පටන්ගෙන වගෙයි.“  තවදුරටත් මහෙල කියා තිබිණි.

එම  ලෝක කුසලානය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර  පවසා තිබුණේ මේ බරපතල චෝදනාව සම්බන්ධයෙන් යම් සාක්ෂි පවතින්නේ නම් ඒවා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට,  දූෂණ මර්දන ඒකකයට සහ ආරක්ෂක ඒකකයට වහා ඉදිරිපත් කළ යුතු බවය.

2011 ලෝක කුසලානයේ අවසන් මහා තරගය පාවා දීම සම්බන්ධව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියන කතාවට සමාන කතාවක් හිටපු ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග විසින් ද පවසා තිබිණි. ඔහු පැවසුවේ මේ අවසන් මහා තරගයේ කුමක් හෝ අස්වාභාවික දෙයක් සිදු වූ බවය. අර්ජුනගේ  එම ප්‍රකාශයට එරෙහිව ද කුමාර් සංගක්කාර හා මහෙල ජයවර්ධන දැඩි පිළිතුරු ලබා දී තිබිණි.

කුමාර් සංගක්කාර

කෙසේ වෙතත් අවසන් මහා තරගය පාවාදීම සම්බන්ධ සැකයක් සහිත අදහසක් ක්‍රිකට් ලෝලීන්  තුළ ඇති වීමට බලපෑ අභව්‍ය සිද්ධි ගණනාවක් ද විය.  එහි මුල්ම අවස්ථාව ප්‍රදර්ශනය වූයේ අවසන් මහා තරගයට කණ්ඩායම තේරීමේ දී ය.  අවසන් මහා තරගය දක්වා අත්දැකීම් ලබමින් පැමිණි කණ්ඩායමේ අතාර්කික සංශෝධන තුනක් සිදු විය. අවසන් තරගය තෙක් එකම තරගයක්වත් ක්‍රීඩා නොකළ ක්‍රීඩකයින් තිදෙනෙක් අවසන් මහා තරගය සඳහා යෙදවූයේය. කණ්ඩායමේ  සංයුතිය පුදුම සහගත ලෙස  අසමතුලිතව පැවතිනි.

ඒ වනවිට ඇන්ජලෝ මැතිවුස් හා මුත්තයියා මුරලිදරන් සිටියේ දැඩි ආබාධ සහිත තත්වයකය.  මුරලි  බෙහෙත් භාවිත කර අදාල අබාධ මැඩගෙන කොර ගසමින් වුවද අවසන් මහා තරගයට එක් විය. එහෙත් බෙහෙත් පාවිච්චියෙන් වැලකුණු බවටත්, තමන්ට ලබා ගතහැකිව තිබූ රක්ෂණ වන්දිය ලබා ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා නොකළ බවටත් චෝදනා එල්ල විය.

මැතිව්ස්ගේ  ආබාධය නිසා ඔහුට සහභාගී වන්නට නොහැකි වුවහොත් ක්‍රීඩා කිරීම සඳහා ලංකාවේ මෙතෙක් බිහිවු සුපිරිම තුන් ඉරියවු ක්‍රීඩකයා  වූ චමින්ද වාස් ගෙන්වා තිබිණි. එහෙත් පෙරදා පුහුණුවීම් අතර වාස් සොයා පැමිණි සංගක්කාර පවසා තිබුණේ  මේ කඩුල්ල වාස්ට නොගැලපෙන නිසා ඔහු අවසන් තරගයට ක්‍රීඩා නොකරන බවය. චමින්ද වාස් ශ්‍රී ලංකා ක්‍රිකට් ජර්සිය හෝ නොඇඳ තරග නරඹන්නෙක් සේ ක්‍රීඩාගාරයට වී තරගය බැලුවේය.

අවසන් මහා තරගයේ තරග විලාශය සම්බන්ධ ගැටලු ඇති වී තිබිණි. එමෙන්ම අවසන් මහා තරගයෙන් අනතුරුව ඇතිවූ විසංවාදය නිසා තේරුම් කමිටු සභාපති අරවින්ද සිල්වා හා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර තනතුරුවලින් ඉල්ලා අස් විය.

ඒ සියල්ල ඕනෑ තරම් සංවාදයට ලක්වුවත් නොවිසඳුණු කරුණුය. එසේ තිබියදී යළිත් මේ මාතෘකාව කරළියට එන්නේ දේශපාලන ප්‍රචාරණ අවශ්‍යතා වෙනුවෙන් බව හිටපු ශ්‍රී ලංකා නායක මෙන්ම අද ලෝක සම්භාවිත ක්‍රිකට් ක්‍රීඩකයෙක් වූ මහෙල ජයවර්ධනගේ අදහසය.

Tags: විශේෂ
Share125Tweet46

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

බැඳුම්කර වංචාව ගැන මෛත්‍රී-රනිල්ගෙන් ප්‍රකාශ ගන්න- නීතිපති

Next Post

කම්කරුවන්ට ඩොලර් 20,000ක් දෙන කතාව බොරුවක්

RelatedPosts

තරුණ බිරිය නිවස තුළදීම සැමියාට පිහියෙන් ඇණ මරා දමයි…
පුවත්

තරුණ බිරිය නිවස තුළදීම සැමියාට පිහියෙන් ඇණ මරා දමයි…

සැප්තැම්බර් 25, 2023
ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ලෝකඩ පදක්කම බංගලාදේශයට…
පුවත්

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ලෝකඩ පදක්කම බංගලාදේශයට…

සැප්තැම්බර් 25, 2023
ranil-wickremesinghe
පුවත්

එතුමා බිසී… කියුබාවේ සහ ඇමරිකාවේ සංචාරයෙන් පසු ඊයේ දිවයිනට පැමිණි ජනපති යළි හෙට ජර්මනියේ නිල සංචාරයක!

සැප්තැම්බර් 25, 2023
Next Post
කම්කරුවන්ට ඩොලර් 20,000ක් දෙන කතාව බොරුවක්

කම්කරුවන්ට ඩොලර් 20,000ක් දෙන කතාව බොරුවක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • බේත් පෙත්තෙනුත් ගසා කන කාලකණ්ණින්ගේ  රටේ අප්පුහාමි මහත්තයා…

    බේත් පෙත්තෙනුත් ගසා කන කාලකණ්ණින්ගේ රටේ අප්පුහාමි මහත්තයා…

    334 shares
    Share 134 Tweet 84
  • ගාල්ලේ කෝටිපති රෙදි පිළි ව්‍යාපාරිකයා ඝාතනය පාතාල ඝාතන වැලක පුරුකක් ද?…

    256 shares
    Share 102 Tweet 64
  • සුරේෂ් සලේ කවුදැයි ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කියයි!

    784 shares
    Share 314 Tweet 196
  • රාජ්‍ය ඇමතිගේ ව්‍යාපාරික මාමණ්ඩිය ඝාතනයට හේතුව තවම හෙළි වී නෑ… ඝාතනය ගැන අසා කරාපිටිය රෝහලේ මිනිස්සු පිරෙති!

    243 shares
    Share 97 Tweet 61
  • නල්ලමලේ කන්සල්ටන්…

    201 shares
    Share 80 Tweet 50
  • කෝටි ගණන් පඬුරු වැටෙන හැම පන්සලකම පිංකැටවලින් ආදායම් ලබන්නේ ගෑනුයි- පන්සල්වල ඩ්‍රැයිවර්ලයි…

    218 shares
    Share 87 Tweet 55

නවතම ලිපි

තරුණ බිරිය නිවස තුළදීම සැමියාට පිහියෙන් ඇණ මරා දමයි…

තරුණ බිරිය නිවස තුළදීම සැමියාට පිහියෙන් ඇණ මරා දමයි…

by editor
සැප්තැම්බර් 25, 2023
0

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ලෝකඩ පදක්කම බංගලාදේශයට…

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ලෝකඩ පදක්කම බංගලාදේශයට…

by editor
සැප්තැම්බර් 25, 2023
0

ranil-wickremesinghe

එතුමා බිසී… කියුබාවේ සහ ඇමරිකාවේ සංචාරයෙන් පසු ඊයේ දිවයිනට පැමිණි ජනපති යළි හෙට ජර්මනියේ නිල සංචාරයක!

by editor
සැප්තැම්බර් 25, 2023
0

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද  ඉන්දීය කාන්තා කණ්ඩායම සමග ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම වෙනුවෙන් සටනට…

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද  ඉන්දීය කාන්තා කණ්ඩායම සමග ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම වෙනුවෙන් සටනට…

by editor
සැප්තැම්බර් 25, 2023
0

Chemical-fertilizers

පොහොර සහනාධාරය එපා… වී මිලට නිසි මිලක් දෙන්න… දිස්ත්‍රික් ගොවි සංවිධාන ඇමතිට කියයි!

by editor
සැප්තැම්බර් 24, 2023
0

නවතම ලිපි

නල්ලමලේ කන්සල්ටන්…

නල්ලමලේ කන්සල්ටන්…

by editor
සැප්තැම්බර් 24, 2023
0

හංවැල්ලේ ෆුඩ්සිටි මැරකම…

පොලිසියේ වැඩේ ඔයාල කරන්න යන්න එපා… ඒකට අපි ඉන්නවා… පොලිසියෙන් ෆුඩ් සිටි මැරයන් පන්නයේ අයට දැනුම් දෙයි!

by editor
සැප්තැම්බර් 24, 2023
0

Baby-Death

කළුබෝවිල රෝහලේ නිවුන් දරුවන් මිය යෑම පිළිබඳ විශේෂ පරීක්ෂණයක්…

by editor
සැප්තැම්බර් 24, 2023
0

2021 දී  කෝටි 93ක බාල ඖෂධ  භාවිතයෙන් ඉවත් කරලා… විගණනය හෙළි කරයි!

ප්‍රමිතියෙන් බාල ඖෂධ විනාශ කළාට රජයට කිසිම පාඩුවක් නෑ… වෛද්‍ය සැපයුම් අංශය කියයි!

by editor
සැප්තැම්බර් 24, 2023
0

නීපා වෛරසය පරීක්ෂාවට අවශ්‍ය ඇන්ටිජන් කට්ටල 100ක් එළඹෙන සතිය තුළ ලංකාවට…

නීපා වෛරසය පරීක්ෂාවට අවශ්‍ය ඇන්ටිජන් කට්ටල 100ක් එළඹෙන සතිය තුළ ලංකාවට…

by editor
සැප්තැම්බර් 24, 2023
0

x-press-perl

එක්ස්ප්‍රස් පර්ල් හානිය… වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුම්ලට අදාළව වන්දි මුදල් කොටස් දෙකක් ලැබෙයි…

by editor
සැප්තැම්බර් 24, 2023
0

මන්නාරමේ තල් වනයට ගිනි තියලා… තල් ගස් 600ක් සම්පූර්ණයෙන්ම විනාශයි…

මන්නාරමේ තල් වනයට ගිනි තියලා… තල් ගස් 600ක් සම්පූර්ණයෙන්ම විනාශයි…

by editor
සැප්තැම්බර් 24, 2023
0

Rahula

කෝටි ගණන් පඬුරු වැටෙන හැම පන්සලකම පිංකැටවලින් ආදායම් ලබන්නේ ගෑනුයි- පන්සල්වල ඩ්‍රැයිවර්ලයි…

by editor
සැප්තැම්බර් 24, 2023
0

ගාල්ලේ කෝටිපති රෙදි පිළි ව්‍යාපාරිකයා ඝාතනය පාතාල ඝාතන වැලක පුරුකක් ද?…

ගාල්ලේ කෝටිපති රෙදි පිළි ව්‍යාපාරිකයා ඝාතනය පාතාල ඝාතන වැලක පුරුකක් ද?…

by editor
සැප්තැම්බර් 24, 2023
0

St. Anthony's-Girls'-College

කූඨ ලේඛණ යොදා දරුවන් පාසලට ගත් ශාන්ත අන්තෝනි බාලිකාවේ හිටපු විදුහල්පතිනිය පොලිසියට දෙන ප්‍රකාශ රහසිගතව පටිගතකර අසුවෙයි!   

by editor
සැප්තැම්බර් 24, 2023
0

  • Trending
  • Comments
  • Latest
ඇත්ත කියපන් දසුන්. උඹලා මැච් එක වික්ක ද?

ඇත්ත කියපන් දසුන්. උඹලා මැච් එක වික්ක ද?

සැප්තැම්බර් 17, 2023
Sarath Fonseka

සුරේෂ් සලේ කවුදැයි ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කියයි!

සැප්තැම්බර් 21, 2023
තරුණ බිරිය නිවස තුළදීම සැමියාට පිහියෙන් ඇණ මරා දමයි…

තරුණ බිරිය නිවස තුළදීම සැමියාට පිහියෙන් ඇණ මරා දමයි…

සැප්තැම්බර් 25, 2023
ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ලෝකඩ පදක්කම බංගලාදේශයට…

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ලෝකඩ පදක්කම බංගලාදේශයට…

සැප්තැම්බර් 25, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • තරුණ බිරිය නිවස තුළදීම සැමියාට පිහියෙන් ඇණ මරා දමයි…
  • ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ලෝකඩ පදක්කම බංගලාදේශයට…
  • එතුමා බිසී… කියුබාවේ සහ ඇමරිකාවේ සංචාරයෙන් පසු ඊයේ දිවයිනට පැමිණි ජනපති යළි හෙට ජර්මනියේ නිල සංචාරයක!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.