2000 දී කිළිනොච්චි ගව සම්පත වැනසූ ගව වසූරිය යළිත් හිස ඔසවයි.. දින 02ක දී ගවයින් 67ක් මරුට…

දිනසේන රතුගමගේ –

2000 වසරේදී කිළිනොච්චියේ ප්‍රදේශ කීපයක් පුරා පැතිර ගිය මාරාන්තික ගව වසූරිය යළිත් වරක් එම පළාත්වල පැතිර යාම නිසා දින දෙකකදී ගවයින් 67 දෙනෙකු මියගොස්  ඇතැයි කිළිනොච්චිය පශු වෛද්‍ය කාර්යාලයේ නිලධාරියෙක් අද ( 6 )  පැවසීය.

මෙවර ගවයින් වැඩිම සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ කිළිනොච්චියේ පූනරීන්, කරච්චි,  පලෙයි, උරුතිරපුරම් සහ නීවිල් යන ප්‍රදේශ වලය.

මෙම රෝගයට වැඩි වශයෙන් ගොදුරු වී ඇත්තේ වයසින් අඩු ගවයින් වන අතර ඔවුන්ගේ සිරුරු පුරා  විශාල බිබිලි හට ගෙන උණ වැළදීමෙන් පසුව ඔවුන් යාමට පටන් ගෙන තිබේ.

2000 වසරේදී කිළිනොච්චියේ මෙම ගව වසූරිය හේතුවෙන් ගවයින් 3347 ක් මියගොස් තිබුණි.


එහිදී මෙම රෝගය ගව වසූරිය බවත් එය වෛරස් රෝගයක් බවටත් තොරතුරු හෙළි වූ අතර මැස්සන් මදුරුවන් කෝදුරුවන් වැනි සතුන් එම රෝග වාහකයින් බවත් හෙළි කරගෙන තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවරද කිළිනොච්චිය පුරා පැතිර යන ගව වසූරිය සඳහා කිසිදු ප්‍රතිකාරයක් මෙතෙක් සොයා ගෙන නොමැති නිසා දිනෙන් දින එම පළාතේ මියයන ගවයින් සංඛ්‍යාව ඉහල යමින් පවතී.

Exit mobile version