20 ඓතිහාසික වරදක් වෙන හැටි ගැන ගලගොඩ අත්තේ ඥානසාර හිමි කී දේ

ලැබූ ජනවරම ඔස්සේ විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනය සමග පෙර මෙන් ගමනක යෙදීමට දේශපාලන බලාධිකාරය උත්සාහ කරන්නේ නම් එය ඓතිහාසික වරදක් වනු ඇතැයි ගලගොඩ අත්තේ ඥාණසාර හිමියෝ පවසති.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ විසි වෙනි විවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විවේචනාත්මක කරුණු පැවසූහ.

“අපට තියෙන ගැටලුව තමයි 17ට අතඉස්සුවා. 17 ට අත උස්සපු අයම 18ට අත ඉස්සුවා. 18ට අත ඉස්සූ අයම 19 ට අතඉස්සුවා. දැන් ඒගොල්ලොම 20ටත් අත උස්සන්න ලෑස්ති වෙනවා.


ඉස්සර ගමනේම යන්න කවුරුහරි මේ ජනවරම එක්ක මහන්සි වෙනවා නම් ඒක ඓතිහාසිකව කරගන්න වරදක්. විශේෂයෙන්ම ද්විත්ව පුරවැසිභාවය ගත්තොත් චීන ජාතිකයන්ටත් පුළුවන් ලක්ෂ 25ක් පෙන්නලා මමත් ලංකාවේ පුරවැසියෙක් කියල පාර්ලිමේන්තුවට යන්න. මා හිතන්නෙ කොහොමත් ඒක වෙයි. දැන් මේක චීන කොලනියක් වෙමින් ඒ තියෙන්නේ වැඩි ප්‍රමාණයක්. ඒ වගේම ඇෆ්ගනකාරයෙකුටත් මේක වෙන්න පුළුවන්. ඒ වගේම ඉන්දියානු ජාතිකයෙකුටත් මේක වෙන්න පුළුවන්. රට ගැන මෙච්චර ආදරයක් තියෙනවා නම් කාට හරි මේ රටේ දේශපාලනය කරන්න ඇයි මේ පුරවැසිභාවය අයින් කරලා ඒක කරන්න බැරි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙමළ කොටි ඩයස්පෝරාවක් ගොඩනැගෙමින් තිබෙනවා. ඉතින් ඒ ගොල්ලොත් විශාල වශයෙන් ඉල්ලීම් කරලා තියෙනවා ද්විත්ව පුරවැසිභාවය ලබා ගන්න. ඉතින් ඒ ගොල්ලන්ටත් පුළුවනි ප්‍රභාකරන්ට කර ගන්නට බැරි වූ දේ ව්‍යවස්ථාදායකය තුළ තමාට අවශ්‍ය විදියට ගොඩනගන්න. ඒ ඇතුළු කොට විශේෂයෙන් මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය, විගණන කාර්යය වගේ ගත්තොත් තාම බරපතළ තැනකයි මේක තියෙන්නේ. එනිසා අපි හිතන්නේ නැහැ නිකං මේ පවුලකට ඕන විදියට, ඒ කාලෙ අපි පහු කරලානේ ඇවිල්ල තියෙන්නේ. ඒ නිසා අපි හිතනවා වඩා පුළුල් සාකච්ඡාවකින් අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීම තමයි ඇත්ත වශයෙන්ම වශයෙන් ම කළ යුත්තේ.”

Exit mobile version