20ට වෙනස්කම් ඉල්ලා පොහොට්ටු මන්ත්‍රී දොළවත්තගෙන් ලොකු තැන් දෙකට ලියුමක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයේ සමීපතම නීතිඥයකු වන පොදුජන පෙරමුණු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත මහතා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පවතින අගතිගාමී කොටස් වහා සංශෝධනය කරන ලෙස ඉල්ලා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇත.

ඔහු මෙම ලිපිය තුළින් ඉල්ලා සිටින්නේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පවතින අගතිගාමී කොටස් වන ඇමති ධුර සංඛ්‍යාව වැඩි කිරීම, රාජ්‍ය විගණනයෙන් රාජ්‍ය සමාගම් ඉවත් කිරීම හදිසි පනත් සම්මත කර ගැනීම යන කරුණු සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස ය.

මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මන්ත්‍රීවරයා මෙම ලිපියෙන් මෙතෙක් තමන් 20 වනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දැක්වූ අදහස් පිළිබඳව අවධානයට ලක් කර ඒවා වෙනස් කිරීමට කටයුතු කිරීම ගැන ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ස්තූතිය ද පළ කර ඇති අතර ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ ඉහත කරුණු මෙන්ම මේ වනිට අමරපුර , රාමඤ්ඤ නිකායේ ස්වාමීන් වහන්සේලා, ජාතික සංවිධාන, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ, මැල්කම් කාදිනල් රංජිත් අගදරගුරුතුමන් වෛද්‍ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර යන ජාතික සංවිධාන නියෝජිතයන් විසින් දක්වන ලද අදහස් විශේෂයෙන් සැලකිල්ලට ලක් කරන ලෙසය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම ඔහු ද්විත්ව පුරවැසි භාවය පිළිබඳව තමන් විරුද්ධ නොවන බවත් එය 19 වැනි සංශෝධනයේදී එක් පුද්ගලයකු ඉලක්ක කොට නිර්මාණය කළ එකක් බවද පෙන්වා දී තිබේ. ඔහු විසින් යොමු කළ ලිපිය සම්පූර්ණයෙන් මෙසේ වෙයි.

Exit mobile version