ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 1990 සුවසැරිය පදනමට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයින් පත් කරනු ලැබ ඇත.
මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අද (06) ජනාධිපති කාර්යාලයේදී පිරිනැමීය.
ඒ අනුව, 1990 සුවසැරිය පදනමේ නව සභාපතිවරයා ලෙස ඒ.එම්.එන්. රත්නායක ද, කළමනාකරණ මණ්ඩල සාමාජිකයින් ලෙස ආර්.ජේ.එම්.ඒ.පී. සම්පත් සහ නලීන් පෙරේරා ද අදළ පත්වීම් ලිපි ලබා ගත්හ.







