සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

19න් පහළ ලෝක කුසලාන තරගාවලිය – අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 106ක ජයක්….

by editor
ජනවාරි 19, 2026
in පුවත්
විමත් දින්සරගේ නායකත්වයේ ඉනිම...

විමත් දින්සරගේ නායකත්වයේ ඉනිම...

Share on FacebookShare on Twitter

වයස අවුරුදු 19න් පහළ එක් දින ලෝක කුසලාන තරගාවලියේ  13 වැනි තරගය ලෙස අද  නැමීබියාවේ වින්ඩ්හෝක් ක්‍රීඩාංගනයේ දී පැවති ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගයෙන් ලකුණු 106ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකා කණ්ඩායමය. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දුවට පහර දීම තේරූහ. එහෙත් ඒ තීන්දුව පාරාවළල්ලක් වනු ඇතැදෝයි සිතෙන තරමට නරක ආරම්භයක් ශ්‍රී ලංකා පිතිකරණ අංශයෙන් පෙනුණි.

පසුගිය තරගයේ ජපානයට එරෙහිව ලෝක වාර්තාවක් තැබු ආරම්භක පිතිකරුවන්වන දිමන්ත මහ විතාන සහ විරාන් චමුදිත පන්දු ඕවර 04ක් තුළ ලකුණු 17ක් තුළ දැවී ගියහ. දිමන්ත ලකුණු 09කි. විරාන් ලකුණු 06කි. දුල්නිත සිගේරා ලකුණු 27කට දැවී යන විට ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 59කට කඩුළු 03කි.

එහෙත් අංක 04 පිතිකරු කණ්ඩායම් නායක විමත් දින්සර විශිෂ්ට පිතිකරණයක නිරත වෙමින් හතරේ පහර 06ක් සහ හයේ පහර 1ක් සමගින් ලකුණු 95ක් රැස් කළේය. විමත් දින්සර නායකත්වයේ ඉනිම ගොඩනගමින්   මිනිත්තු 193ක් පිටියේ රැඳි සිට පන්දු 102කට මුහුණ දුන්නේය. ශතකය පෙනෙමින් ඔහු දැවී යන්නේ කඩුළු රකින ක්‍රීඩකයාට උඩ පන්දුවක් ලබා දෙමිනි.

ඔහුට අනගි සහයක් ලබා දුන් අංක 05 පිතිකරු කවිජ ගමගේ පන්දු 69ක් තුළ ලකුණු 49ක් ලැබුවේය. ඔහු අර්ධ ශතකය පෙනී පෙනී දුවද්දී දැවී යෑමකට හසු වූයේය.  කවිජ සහ විමත් අතර 04වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 80ක සම්බන්ධතාවයක් ගොඩනැගුණි.  යළිත් 05 වන කඩුල්ල වෙනුවෙන් විමත් සහ චාමික හීනටිගල අතර වටිනා සම්බන්ධතාවයක් ගොඩනැගුණි.  05 කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා ගොඩනැගූ සම්බන්ධතාවය ලකුණු 100කි.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

යළිත් විශිෂ්ට පිතිකරණයක් මැද පෙළින් ප්‍රකට විය. චාමික හීනටිගල නොදැවී ලකුණු 51ක් ලැබුවේය.  පන්දු ඕවර 50 නිමා වනවිට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 167ක් රැස් කර තිබුණහ. කඩුළු 05ක් දැවී ගොස් තිබිණි.

අයර්ලන්තය වෙනුවෙන් ඔලිවර් රිලේ ලකුණු 51කට කඩුළු 02ක්, රූබන් විල්සන් ලකුණු 49ට කඩුළු 01ක් සහ ලියුක් මුරේ ලකුණු 47ට කඩුල්ලක් ලැබුවේය.

ලකුණු 268ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පැමිණි අයර්ලන්ත කණ්ඩායම පන්දු ඕවර 40ක් සහ එක් පන්දුවක් තුළ ලකුණු 161කට සීමා කිරීමට  ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුහ. අයර්ලන්තය වෙනුවෙන් ආරම්භක පිතිකරු කොලම් ආම්ස්ට්‍රොන් ලකුණු 39ක්, නායක ඔලිවර් රිලේ නොදැවී ලකුණු 31ක්, රූබන් විල්සන් ලකුණු 32ක් ලැබූහ.

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ මෙම පන්දු ඕවර 40 තුළ දී වයිඩ් පන්දු 16ක් ඇතුළුව අමතර ලකුණු 19ක් ලබා දී තිබීම අවධානය යොමු විය යුතු කරුණක් බව පෙනුණි.

මෙම තරගයේ දී හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ දුල්නිත් සිගේරා විසිනි. ඔහු පන්දු ඕවර 4.1 තුළ ලකුණු 19කට කඩුළු 04ක් ලැබුවේය. රසිත් නිම්සර පන්දු ඕවර 08ක් තුළ ලකුණු 29කට කඩුළු 03ක් ලැබුවේය. සෙත්මික සෙනවිරත්න, කුගදාස් මතුලන්, සහ විරාන් චමුදිත කඩුල්ල බැගින් ලැබූහ.

තරගයේ වීරයා

Share69Tweet43
Previous Post

6 ශ්‍රේණීයේ ඉංග්‍රීසි මොඩියුලය පිළිබඳ පරීක්ෂණ – නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් අනිවාර්ය නිවාඩු යවා කථිකාචාර්යවරියන් 02කගේ වැඩ තහනම් කරයි!

Next Post

අග්‍රාමාත්‍යවරිය සහභාගී වන 56 වන ලෝක ආර්ථික සංසදය රටට වැදගත් වන්නේ කෙසේ ද?

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.