19න් පහළ ආසියානු ශූරතා අවසන් මහා තරගය අද… ඉතිහාසය වෙනස් වෙයි ද?

ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද ඩුබායිහි දී පැවැත්වේ. අද පෙරවරු 11ට තරගය ආරම්භ වේ.

ඊයේ පැවති   අවසන් පූර්ව වටයේ තරඟයකදී පකිස්තාන කණ්ඩායම පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාවත්, බංග්ලාදේශය පරාජයට පත් කරමින් ඉන්දියාවත් අවසන්  මහා තරඟයට සුදුසුකම් ලැබූහ.

මීට පෙර සිව් වතාවක් වයස අවුරුදු 19 න් පහළ ආසියානු යොවුන් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වුවත් කිසිම අවස්ථාවකදී  ශූරතාව හිමිකර ගැනීමට හැකිවූයේ නැත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වර්ථමාන වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකවරයා ලෙස කටයුතු කරන්නේ මහේල ජයවර්ධනය.   ප්‍රධාන පුහුණුකරු ලෙස  කරන්නේ අවිශ්ක ගුණවර්ධන කටයුතු කරන්නේය.

 

Exit mobile version