ශ්‍රියානි විජේසිංහ –
හදිසි මිලදී ගැනීම් වෙනුවෙන් පසුගිය වසර තුළ දී සෞඛ්‍ය අමාත්‍යංශය වැය කල මුදල රුපියල් බිලියන 30ක් යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි .
හදිසි මිලදී ගැනීම් හරහා මේ රටට කෙටිපාරෙන් එන ඖෂධවල ප්‍රමිතිය පිලිබඳව මේ වන විටත් බරපතල චෝදනාවන් එල්ල වී ඇති බවත් තවදුරටත් එල්ල වෙමින් පවතින බවත් සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කරයි.
අක්‍රමවත් ක්‍රමවේද හරහා සහ ඖෂධ නියාමන අදිකාරියේ වැඩපිළිවෙල අඩපණ වීමේ ක්‍රියාව හරහා බාල ඖෂධ මෙරටට ගෙන ඒමට අවශ්‍යතරම් හිඩැස් හදා තිබෙන බව ද වෛද්‍ය චමිල් චෝදනා කරයි.
කෙසේ නමුත් බාල ඖෂධ රටතුළට පැමිණියත් මේවා අපට හදුනාගත නොහැකි යැයි ද ඒ සදහා අවශ්‍ය රසායනාගාර පහසුකම් හෝ රට තුළ නොමැති බව ද වෛද්‍ය චමිල් පෙන්වාදේ.
ඇමරිකා එක්සත් ජනපදයේ අනුමැතිය තිබෙන ඖෂධ මෙරටට ගෙන ආයුතු බව ජනාධිපතිවරයා පසුගියදා සඳහන් කළද මේ වන විටත් එවැන්නක් ක්‍රියාත්මක නොවන අතර විශාල මුදලක් වැය කර තවදුරටත් මෙරටට ගෙන්වනු ලබන්නේ ගැටලුකාරී ඖෂධ යැයිද හෙතෙම පවසා සිටියි.