බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

13 හැවිරිදි දියණිය ගැබිනියක් කළ කාලකණ්ණි තාත්තා අවුරුදු 45ක් බරපතල වැඩ ඇතිව බන්ධනාගාරයට…

by editor
මැයි 31, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර  –

වසර 22කට පෙර සිය 13 හැවිරිදි දියණියව අපයෝජනය කර ගැබිණියක කළ පියෙකුට වසර 45 බරපතළ වැඩ සහිත සිර දඩුවමක්,රුපියල් 30,000/=ක දඩයක් හා අගතියටපත් දැරියට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණය ඊයේ  (30) සවස නියෝග කළේය.

මෙලෙස සිර දඩුවම් නියම වුයේ හම්බන්තොට පදිංචි ඩී.එච්.කේ.මිල්ටන් සිල්වා නැමති 63 හැවිරිදි පුද්ගලයෙකුටය.

චුදිත පුද්ගලයා විසින් 2001.05.01 දින සිට 13 හැවිරිදි දියණියව අපයෝජනය කර ගැබිණියක කර තිබේ. 13 හැවිරිදි දැරිය බඩේ අමාරුවක් සදහා වෛද්‍ය ප්‍රථිකාර ලබා ගැනිමට ගිය අවස්ථාවේ දැරිය පරීක්ෂා කළ වෛද්‍ය වරුන් පවසා ඇත්තේ දැරිය ගැබ් ගෙන ඇති බවයි.

ඒ අනුව රෝහල් පොලිසිය විසින් සිදුකල දැනුම්දිමකට අනුව හම්බන්තොට පොලිස් නිළධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත. එහිදි දැරිය පවසා ඇත්තේ සිය පියා විසින් තමන්ට මෙම කරදරය සිදුකළ බවයි.

ඒ අනුව පොලිසිය විසින් චුදිත පියා අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු   පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව නිතිපති වරයා විසින් චුදිතට එරෙහිව අධි චෝදනා 03ක් යටතේ හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරණ ලදි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

එහිදී චුදිත පුද්ගලයා විසින් තමන්ට එරෙහිව නීතිපති වරයා විසින් නගා තිබූ අධිචෝදනා 03 සදහා තමන් වරද පිළිගන්නා බව විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කරන ලදි. අදාල චෝදනා 03 සඳහා චුදිත වරද පිළිගැනීම හේතුවෙන් මහාධිකරණ විනිසුරු වරයා චුදිතට පහත පරිදි දඩුවම් නියම කෙරුණි.

චුදිතට එක් එක් චෝදනාවට වසර 15 බැගින් චෝදනා 03 සදහා වසර 45ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණු අතර චෝදනා 03 සදහා රුපියල් 10,000 බැගින් රුපියල් 30,000ක දඩයක්ද නියම කෙරුණි. චුදිත දඩ නොගෙවන්නේ නම් මාස 06 බැගින් මාස මාස 18ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි.

ඊට අමතරව අගතියට පත් දැරියට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙසටද චුදිතට නියම කෙරුණු අතර චුදිත එය නොගෙවන්නේ නම් ඉහත දඩුවම් වලට අමතරව තවත් මාස 18ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි.

එමෙන්ම චුදිතට නියම කළ මුලික සිර දඩුවම වසර 15කින් ගෙවි යායුතු බවටද මහාධිකරණ විනිසුරු වරයා බන්ධනාගාර අධිකාරී වරයාට නියම කෙරුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එළුවන්ටත් රක්ෂණයක්!

Next Post

විශේෂ පොසොන් දුම්රිය කාල සටහන මෙන්න…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.