හෙට ජනාධිපතිවරයාගේ රාජාසන කතාව වර්ජනය කිරීමට සමගි ජන බලවේගය සහ හෙළිකොප්ටර්ය ලකුණින් සන්ධානගත වූ එක්සත් ජනතා සන්ධානයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් තීරණය කර තිබේ.
සමගි ජන බලවේගය හෙට පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර ඇති නමුත් ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ එක්සත් ජනතා සන්ධානය පාර්ලිමේන්තුවට පැමිණෙන ජනාධිපතිවරයාගේ රාජාසන කතාවට විරෝධය පලකරමින් පාර්ලිමේන්තු ගර්භයෙන් පිටවී යෑමට තීරණය කර තිබේ.
මීට අමතරව ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ද හෙට රැස්වීමට සහභාගී වන්නේ නැත
කෙසේ වෙතත් නව පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීමට ජාතික ජන බලවේග නියෝජනය කරන අනුර කුමාර දිසානායක, රිෂාඩ් බදුර්දීන් සහ රවුෆ් හකීම් නියෝජනය කරන පක්ෂ තීන්දු කර ඇත.