10,000 සීමාව පන්නයි – කොළඹ කොටස් වෙළෙඳපොළෙන් අලුත් වාර්තාවක්

අද කොළඹ කොටස් වෙළෙඳපළ සමස්ත කොටස් මිල දර්ශක අගය ඒකක දසදහස ඉක්මවමින් මෙතෙක් වාර්තා වූ ඉහළම වාර්තාගත අගය සටහන් කළේය. මෑත කාලීනව මෙරට පොදු සමාගම් තුළට ඇතුළු වූ එක්ස්පෝ ලංකා සමාගමේ වටිනාකම ඇමෙරිකානු බිලියන 2 ඉක්මවීම පිළිබඳව වාර්තා වීම තුළ ආයෝජකයන් තුළ ඇති වූ ප්‍රබෝධය මේ පසුපස බලපෑ ප්‍රධාන සාධකය බව වෙළෙඳපොළ විශ්ලේශකයෝ පවසති.

කොළඹ සමස්ත කොටස් මිල දර්ශකයේ අගය අද දිනයේ සියයට 1.33 කින් හෝ 131.58 කින් ඉහළ ගොස් 10,046.80 ක් ලෙස මෙතෙක් වාර්තා වූ ඉහළම අගය අවසන් කිරීමට හැකි විය.

වෙළඳාමේ අවසන් පැය තුළදී දර්ශකය 10,075.95 දක්වා ඉහළ ගියේය.


වැඩි ද්‍රවශීලතා සහිත කොටස් නියෝජනය වන S&P SL20 දර්ශකය ඒකක 46.89 න් සියයට 1.30 කින් ඉහළ ගොස් 3,652.61 ක් ලෙස අවසන් විය.

මෙම සතිය තුළ බොහෝ සමාගම්වල ඉපයීම් වාර්තා නිකුත් වන අතර මේ තත්ත්වය තුළ වෙළෙඳපොළ ධනාත්මක ආකාරයෙන් හැසිරීමක් විශේෂනේ බලාපොරොත්තු විය හැති බවත් ඉදිරියේදී අයවැය යෝජනා සහ රජයේ මූල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධ කරුණු මත සමස්තයක් ලෙස වෙළෙඳපොළ ධනාත්මක ආකාරයෙන් හැසිරිය හැකි බව විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසගත වූ අද දිනයේ සමස්ත පිරිවැටුමින් අඩකට එහා දායකත්වයක් ලබා දුන්නේ එක්ස්පෝ ලංකා සමාගමයි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 52ක් වන අතර පිරිවැටුම රුපියල් බිලියන 2.4ක් විය. එය සමස්ත පිරිවැටුමින් සියයට 33ක් පමණ වේ.

කෙසේ වෙතත්, විදේශීය ආයෝජකයින් සඳුදා රුපියල් මිලියන 33.8 ක කොටස් තොගයක් අලෙවි කළහ. මේ වසරේ මේ දක්වා කාලය තුළදී රුපියල් බිලියන 44.7 ක විචෙද්ශ ආයෝජන ඉවත්ව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දවසේ පිරිවැටුම රුපියල් බිලියන 6.8 ක් වූ අතර එය මෙම වසරේ සාමාන්‍ය දෛනික පිරිවැටුම බිලියන 4 ඉක්මවා ඇත.

Exit mobile version