ලොව ප්‍රමුඛ පෙලේ කුරියර් සමාගමක් වන ෆෙඩෙක්ස් සමාගම විසින් සිය භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා සඳහා මිසයිල ආරක්ෂණ පද්ධතියක් සවිකිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව එම සමාගම විසින් ඇමරිකා එක්සත් සිවිල් ගුවන් සේවා කටයු පිළිබඳ තීරණ ගැනීමේ බලය හිමි ෆෙඩරල් ගුවන් සේවා පරිපාලන ආයතනයෙන් මිසයිල ආරක්ෂණ පද්ධතියක් සකස්කිරීමට අවසර ඉල්ලා ඇති බව වාර්තාවේ.
මෙහිදී ෆෙඩෙක්ස් සමාගම විසින් තාප සංවේදී මිසයිල වලින් ගුවන් යානා ආරක්ෂා කිරීමට යොදා ගාන්නා ලෙසර් ආරක්ෂණ පද්ධයක් සිය ගුවන් යානාවල සවිකිරීමට අවසර ඉල්ලා ඇති බව සී.එන්.එන් පුවත් සේවය සඳහන් කරයි.
මෙම ආරක්ෂණ පද්ධියත මගින් තාප සංවේදී මිසයිලක් ගුවන් යානය කරා එන්විට එම මිසයිලයේ ගමන් මාර්ගය වෙනතට යොමු කරනු ලබන අතර එමගින් ගුවන් යානය සහ එහි ගෙන යන භාණ්ඩ ආරක්ෂා කරගැනීමට හැකිවනු ඇත.
ෆෙඩරල් සිවිල් ගුවන් සේවා පරිපාලන ආයනය විසින් ප්‍රසිද්ධියට පත් කළ ලේඛනයට අනුව මැත කාලයේදී සිවිල් ගුවන් යානා වෙත ගුවන් යානා නාශක මිසයිල ප්‍රහාර එල්ල කර ඇති අතර ඒ අනුව ඇතැම් ගුවන් සමාගම් සිය ගුවන් යානා ආරක්ෂා කිරීමට ලෙසර් ආරක්ෂණ පද්ධති සවි කිරීමට පියවර ගෙන තිබේ.
මේ අතර 2003 බැග්ඩෑන් ගුවන් තොටුපලෙන් ඩී.එච්.එල්. සමාගම අයත් ගුවන් යානයක් ගුවන් ගතවී සුලු මොහොතකින් පසු වර්ගුවන් යානා නාශක මිසයිලයක් හේතුවෙන් යානයේ වම් පස තටුවට හානිවිය.