බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෆිච් ශ්‍රේණිගත කිරීමෙන් ලංකාව පහළට – ආණ්ඩුවේ විසඳුම කුමක්ද?

විපක්ෂ නායක සජිත් ආණ්ඩුවෙන් අසයි

by Lanka Sara Editor
දෙසැම්බර් 2, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මාස දෙකක් තුළ ප්‍රධානතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් දෙකකින්ම ශ්‍රී ලංකාව පහත දමා ඇති අතර මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා ඉදිරි 5 වසර තුළ ක්‍රියාත්මක ආර්ථික වැඩපිළිවෙල කුමක්ද යන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළේය.

ඒ ස්ථාවර නියෝග 27(2) යටතේ විමසීමක් කරමිනි.

විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ කඩිනමින් රජය‌ විශ්වාසනීය ක්‍රියාමාර්ග නොගතහොත්, අනෙක් ප්‍රමුඛ පෙලේ ආයතනය වන, Standard & Poor ආයතනය ද සිය ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පහත දැමීම වැළැක්විය නොහැකි බවයි.

ගරු කථානායකතුමනි,

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ප්‍රධානතම ආයතන තුනෙන් එකක් වන, “ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය” (Fitch Ratings Agency) විසින්, ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ විනිමය ණය නිකුත් කිරීමට අදාළ පුරෝකථනය (Long-Term Foreign-Currency Issuer Default Rating) B- කාණ්ඩයේ සිට, CCC කාණ්ඩය දක්වා පහත දමා තිබෙනවා. ණය ආපසු ගෙවීමේ දැඩි අවදානමක් ඇති රටවල් වන කොන්ගෝ, මොසැම්බික් සහ සූරිනාමය මෙම කාණ්ඩයේ අනෙක් රටවල් වන අතර, මෙම කාණ්ඩයේ රටවල් පිළිබඳ තවදුරටත් පුරෝකතන ෆිච් ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන්නේ නැහැ. පසුගිය සැප්තැම්බර් මාසයේ දී Moody’s ආයතනය ද, ණය ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පහත දැමූ අතර, රජය‌ විශ්වාසනීය ක්‍රියාමාර්ග නොගතහොත්, අනෙක් ප්‍රමුඛ පෙලේ ආයතනය වන, Standard & Poor ආයතනය ද සිය ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පහත දැමීම වැළැක්විය නොහැකියි.

ගරු කථානායකතුමනි,

රජය විසින් ඉදිරිපත් කළ අයවැය මගින්, මූල්‍ය ඒකාග්‍රතාවය (Fiscal Consolidation) ඇති කිරීමේ උපායමාර්ගයක්, රාජ්‍ය ආදායම් දියුණු කිරීමේ ක්‍රම, සහ විශ්වාසනීය ණය කළමනාකරණ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම, ෆිච් ආයතනය මෙම ක්‍රියාමාර්ගයට හේතුව ලෙස සඳහන් කර තිබෙනවා.

මෙසේ “ශ්‍රේණිගත කිරීම් පහත හෙලීම” ප්‍රතික්ෂේප කරන මුදල් අමාත්‍යංශය, ෆිච් ආයතනයේ ඇස්තමේන්තු වැරදි බවටත්, රජයේ ආර්ථික ප්‍රතිපත්ති හඳුනා නොගෙන, නිසි විශ්ලේෂණයකින් තොරව කරන ලද පුරෝකථනයක් ලෙසත් මෙය හඳුන්වනවා. සියලු විදෙස් ණය ගෙවීමට හැකියාව ඇති බවත්, ඉදිරි වසර 5 තුළ ආර්ථිකය ස්ථාවර කරන බවත්, රජය විසින් ප්‍රකාශ කළද, සිය ආර්ථික වැඩපිළිවෙල නිශ්චිතව හෙළිදරවු කිරීමටවත් රජය මෙතෙක් සමත් වී නැහැ.

රජය කුමක් ප්‍රකාශ කළත්, මෙම තත්ත්වය යටතේ, විදේශ ණය ගෙවීමත්, ගෝලීය බැඳුම්කර වෙළඳපොළට ප්‍රවිෂ්ඨ වීමත්, ඉතා දුෂ්කර කාර්යයයක් වෙනවා. යම් හෙයකින් විදේශ ණය ගෙවීමට නොහැකි වුවහොත්, මෑතක දී ආර්ජන්ටිනාව මුහුණ දුන් ආකාරයේ අර්බූදයකට මුහුණ දීමට සිදු වනු ඇති අතර, එවැනි තත්ත්වයක් යටතේ, අධික ලෙස පොළී අනුපාතික ඉහළ යාම, රුපියලේ අගය අධික ලෙස අවප්‍රමාණය වීම හා ජීවන තත්ත්වයේ බිඳ වැටීමක් සිදු වීම, වැළැක්විය නොහැකියි.
ගරු කථානායකතුමනි,

මීට අමතරව, රජය විසින් ඉදිරිපත් කරනු ලබන ජාතික ආර්ථික දත්තවල නිරවද්‍යතාවය අඩු වීම නිසා, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොලට සහ කොටස් වෙළෙඳපොලට ඇතිවන ගැටළුකාරීත්වය තුළින්, රටට විදේශ විනිමය ලැබෙන මාර්ග තවදුරටත් අවහිරවීමට ඉඩ තිබෙනවා.

මෙම ආයතනය විසින් සිදු කොට ඇති, “ශ්‍රේණිගත කිරීම් පහත හෙලීමට” ප්‍රතිචාර දැක්වීම සඳහා, මනා ආර්ථික කළමනාකරණයක් අවශ්‍ය වුවත්, අයවැය හිඟය පියවා ගැනීමේ ක්‍රමවේදයන් හා රාජ්‍ය ණය අවම කර ගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ද, ආර්ථික ක්‍රියාවලීන් හරහා රාජ්‍ය අදායම ඉහළ නංවා ගැනීම අතින් ද, රජය මුළුමනින්ම අසාර්ථක වී තිබෙනවා.

ගරු කථානායකතුමනි,

මෙම තත්ත්වය ජාතික වැදගත්කමකින් යුතු හදිසි කාරණයක් බැවින් පහත ප්‍රශ්න සඳහා රජයෙන් නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් බලාපොරොත්තු වෙනවා.

1. වසර 2020 සිට 2025 අතර කාලය තුළ, ශ්‍රී ලංකාව විසින් අමෙරිකානු ඩොලර් බිලියන 23ක ණය ප්‍රමාණයක් ගෙවිය යුතු අතර, ඉදිරි වසර දෙක තුළ පමණක්, ස්වෛරීත්ව ණය අමෙරිකානු ඩොලර් බිලියන 8.5ක් ගෙවීමට නියමිතව තිබෙනවා.

දැනට, ශ්‍රී ලංකාව සතුව විදේශ මුදල් සංචිත ඇත්තේ, ඇමරිකානු ඩොලර් බිලියන 5.9ක් පමණක් වන අතර, ඉදිරියට ගෙනයාමකින් තොරව (without rolling over), එම ණය ගෙවන බව රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. දැනට ඇති තත්ත්වය තුළ, විදෙස් ණය ගැනීමත් කළ නොහැකි නම්, රජයට මෙම ණය ගෙවීම සඳහා ඇති සැළසුම, මෙම සභාවට ඉදිරිපත් කරන්නේ ද? එසේ සැලසුම් කර නැත්නම් ඒ මන්ද?

2. ඉදිරි වසර 5 තුළ, රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස, 9% සිට 14% දක්වා ඉහළ නැංවීමට රජය යෝජනා කර තිබුනත්, බදු ප්‍රතිපත්තියේ වෙනසක් හෝ, වෙනත් ආදායම් මාර්ග පැහැදිලිව පෙන්වා දී නැහැ. එසේ, රජය විසින් ආදායම් වැඩි කරගන්නා ආකාරය, මෙම සභාවට ඉදිරිපත් කරන්නේද? නොඑසේ නම් ඒ මන්ද?

3. ආර්ථික වර්ධනය, රාජ්‍ය වියදම් සහ අයවැය හිඟය ඇතුළු මූල්‍ය දත්ත වාර්තාකරණයේ දී, රජය විසින් පරස්පර සංඛ්‍යාන සහ පුරෝකථන ඉදිරිපත් කර තිබුණා. ෆිච් ආයතනය සහ මූඩි ආයතනය, සිය වාර්තාවලින් පෙන්වා දෙන්නේ ද, එම වාර්තා සහ පුරෝකථනවල විශ්වාසනීයත්වයක් නොමැති බවත්, ඔවුන්ගේ ස්වාධීන ඇස්තමේන්තු අනුව, මෙරට ආර්ථිකයේ පහළට යොමු වූ (downward) දිශානතියක් තිබෙන බවයි.

සත්‍ය තත්ත්වය, රට හමුවේ හෙළි නොකර, සිය අසමත්භාවය වසා ගැනීමට, රජය විසින් ජාතික සංඛ්‍යාන දත්ත විකෘති කරමින් සිටින බව පිළිගන්නේ ද?

එසේ නම්, එබඳු විකෘති කිරීම් නිසා ජාත්‍යන්තර ආයතනවල විශ්වාසනීයත්වය බිඳ වැටෙන බවත්, එතුළින් රටේ කීර්තිනාමයටත්, ආර්ථිකයටත් හානි සිදුවන බව රජය නොදන්නේ ද? එම විකෘති කිරීම් නිවැරදි කිරීමට, රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේ ද? එසේ නොපිළිගන්නේ නම්, අසත්‍ය කරුණු, සිය වාර්තා මගින් ඉදිරිපත් කරනවා යැයි රජය විසින් චෝදනා කරනු ලබන ජාත්‍යන්තර ආයතනවලට එරෙහිව, ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද?

4. ඉදිරියේ දී, වැඩි වශයෙන් සෘජු විදේශ ආයෝජන (Foreign Direct Investments) ආකර්ෂණය කිරීම පිළිබඳව, මුදල් අමාත්‍යාංශය විශ්වාසය පළ කර තිබෙනවා. නමුත්, විදෙස් ආයෝජකයින්, සිය ආයෝජන සඳහා රටවල් තෝරා ගැනීමේ දී, මූලිකවම ෆිච්, මූඩීස් සහ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් ආයතනවල ශ්‍රේණිගත කිරීම් සහ ව්‍යාපාර පවත්වාගෙන යාමේ දර්ශකය (Doing Business Index) සළකා බලනු ලබන අතර, උද්ගත වී ඇති තත්ත්වය හමුවේ, විදේශ ආයෝජකයින් ද මෙරටට ආකර්ෂණය වේ යැයි බලාපොරොත්තු විය නොහැකියි. රජය ඉදිරි වසර සඳහා, සෘජු විදෙස් ආයෝජන කොපමණ බලාපොරොත්තුවේ ද? ඒ අනුව, විදෙස් ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීමට රජය විසින් කරනු ලබන වැඩපිළිවෙල කුමක්ද?

5. ෆිච් ආයතනය සිය වාර්තාවෙන් පෙන්වා දී ඇති පරිදි, නැවත ඉහළ ශ්‍රේණිගත කිරීමට පාදක වන ක්‍රියාමාර්ග ලෙස, ණය නොවන විදේශ විනිමය ගලා ඒම ශක්තිමත් කිරීම, ණය සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතය (Debt to GDP ratio) අඩු කරගැනීම සහ මූල්‍ය ඒකාග්‍රතාවය (Fiscal Consolidation) ඇති කිරීමේ උපායමාර්ගයන් ‍අනුගමනය කිරීමට රජය සූදානම් ද? එසේ නැති නම් ඒ මන්ද?

6. මාස දෙකක් තුළ, ප්‍රධානතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් දෙකකින්ම ශ්‍රී ලංකාව පහත දැමූ අවස්ථා ද්විත්වයේදීම, රජය එම ක්‍රියාවන් සහ ආයතනවල නිර්ණායක වැරදි සහගත බව, මාධ්‍ය නිවේදන නිකුත් කර පවසා සිටි අතර, ආර්ථිකය සහ රටේ මූල්‍ය තත්ත්වය යහපත් කිරීමට, කිසිදු ප්‍රගතිශීලී පියවරක් ගෙන නැහැ. මෙසේ දිගින් දිගටම, ආර්ථිකය පරිහානියට පත්වෙද්දීත්, රජය සිය ආර්ථික පිළිවෙත වෙනස් කිරීමට උත්සාහ නොගන්නේ මන්ද? රජය ඉදිරියටත්, ජාත්‍යන්තරය සමග ආර්ථික හෝ මූල්‍ය සහයෝගීතාවයකින් කටයුතු කිරීමට සුදානම් නැත්ද? එසේ නම් ඒ මන්ද?

Tags: නවතම
Share69Tweet43
Previous Post

දඹුල්ල වයිකින්ලා හමුවේ කලම්බු කිංග්ස්ලා අන්දමන්ද වෙති

Next Post

දෙවන ආසියානු සිනමා උළෙලේ හොඳම ළමා නළුවා මෝදිත දාබරේ.  .

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.