18ට වැඩි අයට ෆයිසර් නොව සයිනෝෆාම් දෙන්න

එන්නත් බෙදිල්ල ගැන වෛද්‍ය සංගමය කතාකරයි

ශ්‍රි ලංකාවේ කොවිඩ් එන්නත්කරණයේදී වයස අවුරු 18ත් 30ත අතර ජනතාවට වඩාත් සුදුසු වන්නේ සයිනෝෆාම් එන්නත ලබා දීම බවත් දැනට රට තුළ පවතින ෆයිසර් එන්නත් වයස අවුරුදු 12ට වැඩි විවිධ රෝගාබාධ සහ සංකූලතා ප්‍රතිශක්තිය දුර්වල අයට මෙන්ම වයස අවුරුදු 60ට වැඩියෙන්බ සයිනෝෆාම් එන්නත ලබා ගත් පුද්ගලයන්ට ලබා දීම වඩාත් සුදුසු බව ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙයි. එම සංගමය විසින් අද දින පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වමින් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රතිශක්තිවේදය පිළිබඳව විශේෂඥ වෛද්‍ය රජීව්ද සිල්වා මහතා සඳහන් කළේ රටේ දැනට සුලබව පවතින සයිනොෆාම් ඉහත වයස් කාණ්ඩයේ පුද්ගලයන්ට හොඳ එන්නතක් බවත් ලැබී ඇති ෆයිසර් එන්නත් ප්‍රමාණය සීමා සහිත බැවින් එය නිසි ලෙස කළමනාකරණය කර ගැනීම සාර්ථක එන්නත්කරණ ක්‍රියාවලියකදී අතිශයින්ම වැදගත් වන බවයි.

මෙම මාධ්‍ය හමුවේදි අදහස් දක්වමින් තවදුරටත් කරුණු දැක්වූ විශේෂඥ වෛද්‍ය රජීව් ද සිල්වා,

“කොවිඩ් වසංගතයට එරෙහිව එන්නත්කරණයේ මූලික අරමුණු දෙකක් තිබෙනවා. මරණ අඩු කිරීම. අනෙක රොගය හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වීම වැළැක්වීම. මේ වනවිට එන්නත් ජීවිත බේරල තියෙනවා.අසාධ්‍ය තත්ත්වයට පත්වීම වළක්වලා තිබෙනවා. මේ නිසා අපි නිසි ආකාරයෙන් විද්‍යානුකූලව මෙම එන්නත්කරණය අඛණ්ඩව කරගෙන යා යුතුයි. අපි කියන්නේ 18 වැඩි කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම තමන්ගේ අවස්ථාව පැමිණියාම එන්නතක් ලබා ගන්න. ඒක තමයි ප්‍රධාන ම දේ.
අද එන්නත්කරණයේදී වෛද්‍ය සංගමයේ එන්නත්කරණය පිළිබඳව කමිටුව හැටියට යම් උපදේශයක් විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට දීම අවශ්‍යයි කියල හිතනවා. මේ වනවිට ලබා දෙන එන්නත් අතරින් සයිනෝෆාම් වයස අවුරු 50ට වැඩි අයට ලබා දෙන ආරක්ෂාව සෙසු එන්නත්වලට වඩා අඩු බව තහවුරු වී තිබෙනවා. විශේෂයෙන් ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය නීලිකා මලවිගේ ප්‍රමුඛ පර්යේෂකයනුත් මේ බව තහවුරු කර තිබෙනවා වයස අවුරුදු 50ට වැඩි එන්නත් දෙකම ලබා ගත් පුද්ගලයන් අතරින් සියයට 6ක 7ක පමණ ප්‍රමාණවත් ප්‍රතිශක්තියක් ගොඩ නැගෙන්නේ නැති බව. මෙරටදීත් එවැනි වයස් කාණ්ඩවල පුද්ගලයන් කිහිප දෙනකු එන්නත ලබා ගත්තත් මරණයට පත්ව තිබෙනවා. එයින් අදහස් වන්නේ නෑ සයිනෝෆාම් නරක එන්නතක් කියල.


එය ඉතා හොඳ සාර්ථක එන්නතක්. අපි කියන්නේ ඉහත කී ලක්ෂණ හේතුවෙන් මෙම එන්නත වඩාත් සුදුසු වන්නේ වයස අවුරුදු 18ත් 60ත් අතර වයස් කාණ්ඩවලට සිටින තරුණ පුද්ගයන්ට කියලයි. ඔවුන් සම්බන්ධයෙන් මෙය ඉතා සාර්ථකයි. මේ මේ සම්බන්ධයෙන් බහරෙන් රාජ්‍යයේත් ඊට සමාන ප්‍රතිඵල ලැබී තිබෙනවා. මේ නිසා අපි කියන්නේ මෙම එන්නත තරුණ වයස් කාණ්ඩවල අයට ලබා දී දැනට රට ලැබී ඇති ෆයිසර් එන්නත් අවදානම වැඩි කාණ්ඩවලට පබා දෙන්න කියල.
එහිදී දැනට වයස අවුරුදු 60ට වැඩි එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයන්ට ෆයිසර් ඇස්ට්‍රාසෙනෙකා හෝ මොඩර්නා එන්නතික් එක මාත්‍රාවක් ප්‍රතිශක්ති වර්ධකයක් ලෙස ලබාදෙන්න කියල අපි ඉල්ලනවා. ඒ වගේම එය දෙවන මාත්‍රාවෙන් මාසයකට පසුව ලබා දෙන් කියලයි අප ඉල්ලන්නේ.

තවත් කණ්ඩායමක් ඉන්නවා වයස අවුරු 12ට වැඩි. සමහර ලෙඩ කියන අය. ප්‍රතිදේහ නිපදවීම අඩු අය. විශේෂයෙන් අවයව බද්ධ කළ අය. වකුගඩු ආබාධ පවතින අය. පිළිකා රෝගීන්ට ඔවුන්ගෙන් රෝගයේ ස්වභාවය සමඟත් ගන්න සමහර ඖෂධ නිසාත් ප්‍රතිශක්තියක් ඇතිවන්නේ නෑ. සමහර රෝගවලට ඖෂධ දෙනවා එයින් ප්‍රතිශක්ති පද්ධතිය අඩපණ වනවා. ඩයලසිස් කරන අයට ප්‍රතිශක්තිය ඇතිවන්නේ නෑ. එච්අයිවී ඒඩ්ස් තියන අයට කුන්වැනි මාත්‍රාවක් ෆයිසර් ඇස්ට්‍රා සෙනෙකා හෝ මොඩර්නා දෙන්න කියල කියනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වයස අවුරුදු 12ත් 18ත් කාණ්ඩයට එන්නත් ලබා දීම සම්බන්ධයෙන් සැලකුවහොත් ළමයින්ට කොවිඩ් හැදුණොත් බරපතල වන්නේ නෑ. නමුත් මෙම වයස් කාණ්ඩයේ දරුවන්ට වෙන රෝග තිබෙනවා නම් පිළිකා දියවැඩියා පෙණහලු රෝග ස්නායු රෝග අක්මා රෝග වගේ පවතිනවා නම් ෆයිසර් එන්නත මාත්‍රා දෙකක් දෙන්න කියල.

Exit mobile version