අද දිනයේ කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලට අවශ්‍ය බිත්තර නොමිලේ ලබාදීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසයි.
එමෙන්ම රුපියල් 53ක මිලට සියලුම ආර්ථික මධ්‍යස්ථාන වෙත බෙදා දීම සඳහා බිත්තර අද දිනයේ කොළඹට රැගෙන එන බව ද ඔහු පැවසුවේය.
ඒ අනුව අද දිනයේ රුපියල් 53 බැගින් ආර්ථික මධ්‍යස්ථාන වෙත බෙදා හැරීමට බිත්තර ලක්ෂ 08ක් කොළඹට ප්‍රවාහනය වන අතර එක් බිත්තරයක් රුපියල් 55 හෝ ඊට අඩු මිලකට අලෙවි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.







