හොර පාස්පෝට් නඩුවට ශෂී වීරවංශ වරදකරු වෙයි… අවුරුදු 02ක් හිරේට….

විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ව්‍යාජ ලියකියවිලි භාවිතා කිරීමේ චෝදනාවකට හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරියවන ශෂී වීරවංශට වසර 2ක සිර දඬුවමක් නියම කර තිබේ.

ඊට අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ශෂී වීරවංශට රුපියල් ලක්ෂයක දඩයක් ද නියම කළේය.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ඇතුළු විදේශ ගමන් බලපත්‍ර දෙකක් වංචනික ලෙස ලබාගෙන ඇති බවට  ඇයට චෝදනා එල්ල වී තිබිණි.

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ව්‍යාජ නම් සහ උපන් දින ඇතුළත් ලිපි ලේඛන ඉදිරිපත් කළ ශෂී වීරවංශ මුලින්ම 2015 පෙබරවාරි මාසයේදී අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැරියේය.


ඉන් අනතුරුව 2020 ජූලි මාසයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ශෂී වීරවංශට වරෙන්තු නිකුත් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර තිබූ  එම නඩු දෙක අවසන් වරට කොළඹ පූර්වගාමී ප‍්‍රධාන  මහෙස්ත‍්‍රාත් බුද්ධික සී. රාගල  ඉදිරියේදී විභාගයට  ගෙන අවසන් කොට තිබූ අතර තීන්දුව සකස් කිරීම බුද්ධික  සී. රාගල මහතා විසින් සිදුකළ යුතු බැවින් මින් පෙර  අවස්ථා දෙකකදී ද තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම කල්  තැබීමට සිදුවී තිබිණ

Exit mobile version