ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල 480 ක් අත්අඩංගුවට ගත්බව එම අධිකාරිය පවසයි.
පිටකොටුව සහ දෙමටගොඩ ප්රදේශ වල සිදුකළ වැටලීම් මගින් අත්අඩංගුවට ගත් මෙම ඇන්ටිජන පරීක්ෂණ කට්ටලවල වටිනාකම රුපියල් ලක්ෂ 10 ක් පමණ වන බව ඖෂධ නියාමන අධිකාරියේ ප්රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක සහ නීති ක්රියාත්මක කිරීමේ අංශ ප්රධානී අමිත් පෙරේරා මහතා කීය.
ලියාපදිංචි නොකළ මෙම ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ඔන් ලයින් ක්රමයට පිටකොටුවේ පුද්ගලයෙකු අළෙවි කරන බවට ලද තොරතුරු මත එම ස්ථානය වටලා පරීක්ෂණ කට්ටල කිහිපයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවත් ඔහු ගෙන් කළ ප්රශ්න කිරීම් වලින් පසු අදාළ පරීක්ෂණ කට්ටල මෙරටට ගෙන්වා බෙදා හරින දෙමටගොඩ ප්රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත් ඒ මහතා කීය.
මෙම පරීක්ෂණ කට්ටල ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කිරීමකින් තොරව මෙරටට ආනයනය කිරීම සහ මෙරට තුළ අළෙවි කිරීම තහනම්ය.