හෙදියන්ගේ නිල ඇඳුමේ වෙනසක් නොමැති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.
අමාත්‍යාංශය මේ බව දන්වා ඇත්තේ මුස්ලිම් හෙදියන්ගේ නිල ඇඳුම සම්බන්ධව සමාජයේ මතු වූ කථිකාව පිළිබඳ අදහස් දක්වමිනි.
මේ සම්න්ධයෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න පවසන්නේ මුස්ලිම් හෙදියන් සඳහා පවතින ඇඳුම් පැළඳුම් ඛේතය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශවලින් සිය අමාත්‍යාංශය වෙත කිසිදු විධිමත් නිර්දේශයක් ලැබී නොමැති බවය.
හෙදි නිල ඇඳුමේ වෙනසක් නොකරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ද පසුගිය දා ප්‍රකාශ කළේය. ( ලංකාදීප )







