පාන් ගෙඩියක මිල රුපියල් 10 සිට 20 දක්වා මිලකින් අඩු කිරීමට බේකරි හිමියෝ සූදානම් වෙති. හෙට මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල අඩුවීම සිදුවනු ඇත.
සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ විධායක සභාව හෙට (31) රැස්වීමෙන් අනතුරුව පැවැත්වෙන විශේෂ පුවත්පත් සාකච්ඡාවක දී අඩුවන පාන් මිල ගණන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.
ආනයනික පාන්පිටි මිල රුපියල් 250 තෙක් අඩුවීමෙන් අනතුරුව ආනයනකරුවන් ප්‍රකාශ කළේ දැන් පිටි මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දීම බේකරි කෑම නිශ්පාදකයින්ගේ වගකීම බවය.
එහෙත් සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පෙන්වා දී තිබුණේ පිටි කිලෝවක් රුපියල් 250ක මිලකට ලැබෙන්නේ පිටි කන්ටේනරයක් මිලදී ගතහොත් පමණක් බවය.
මෙරට බේකරි නිශ්පාදකයින්ගෙන් සියයට අනූ නවයක්ම එක්වර මිලදී ගන්නේ පිටි මිටි 10 -15 අතර ප්‍රමාණයක් බවය.
එම සංගමය පෙන්වා දෙන්නේ එක්වර පිටි කන්ටේනරයක් මිලදී ගැනීමේ හැකියා ඇත්තේ මෙරට බේකරි නිශ්පාදකයින් 10 දෙනෙකුට පමණක් බවත් සාමාන්‍ය බේකරි කර්මාන්තයේ යෙදෙන්නන් තවමත් පිටි කිලෝව මිල දී ගන්නේ රුපියල් 270ට බවත්ය.







