හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 14 දෙනෙකු කුරුඳුවත්ත පොලීසිය මඟින් අද (14) අත්අඩංගුවට ගෙන ඇත.
කාන්තා අයිතීන් වෙනුවෙන් සංවිධානය කළ මෙම විරෝධතාව එක්සත් ජාතින්ගේ කාර්යාලය ගොස් එතැනින් මල්පාර දෙසට ගමන් කර ඇති අතර එහිදී එක් කාත්වක් අත්අඩංගුවට ගෙන ඇත.
ඊට විරෝධය පා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස කුරුඳුවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිතර වූහ. එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ 07 ප්‍රදේශයේදී විරෝධතාවයක නියැලෙමින් සිටි සමඟි ජන බලවේගයේ හා සමඟි ජනබලවේගයේ කාන්තා අංශයේ සාමාජික පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.







