හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධනට ජීවිත තර්ජනයක්

nilantha j

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට ජීවිත තර්ජන එල්ලවී ඇති බව පොලිස් ආරංච් මාර්ග අනාවරණය කරයි. දැනට මධ්‍යම පලාත්ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන ජයවර්ධන මහතාට ෆේස්බුක් මගින් එම තර්ජනය එල්ලවී ඇති බව සදහන් වේ.
පාස්කු කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම හේතුවෙන් තමාට එම තර්ජනය එල්ල වී ඇති බව සදහන් කරමින් ඔහු ඒ සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂාවක්ඉල්ලා ඇති අතර එම තර්ජනය සම්බන්ධයෙන් විමර්ශනයක් ද ඉල්ලා ඇතැයි පොලිස් තොරතුරු සදහන් කළේය. ඒ සම්බන්ධයෙන් ඔහු සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරිමේ ඒකකයටද පැමිණිලිකර ඇති බව සදහන්ය.

Exit mobile version