බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු පොලිස්පතියෙක් අණින් රංගාව බේරන්න බොරු සාක්කි දුන් හිටපු සෙට්ටිකුලම OIC ට අත්හිටවූ සිර දඬුවම්…

by editor
අගෝස්තු 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

වර්ෂ 2011.03.30 දින එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙයරත්නම් ශ්‍රී රංගා විසින් පදවන ලද  ජිප් රථය  අනතුරට ලක් වී එහි ගමන් කළ    ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව සේවය කරනු ලැබූ පොලිස් සැරයන් පුෂ්පකුමාර (36759 ) මිය ගිය පසු, වාහනය පදවන ලද්දේ මිය ගිය පොලිස් නිලධාරියි විසින් බවට  තමා අධිකරණය ඉදිරියේ  බොරු සාක්ෂි ලබා දුන් බව පිළිගත්,  එවකට සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂ පී.ආර්. සංජීවට   වසර එක හමාරක සිරදඬුවමක් දී එය හත් වසරකට අත් හිටුවා අගතියට පත් නිලධාරියාගේ බිරියට රුපියල් ලක්ෂ 05ක වන්දියක් ගෙවීමට වව්නියාව මහාධිකරණය  නියෝග කළේය.

වරද පිළිගත්  හිටපු ස්ථානාධිපතිවරයාට මෙම දඬුවම ලබා දුන්නේ   වව්නියාව මහාධිකරණයේ දී ඊට අදාල නඩුව පසුගිය 08 වැනිදා නැවත කැඳවූ අවස්ථාවේ දී ය.

නඩුවට අදාල සංක්ෂිප් ඉතිහාසය මෙසේය.

ජනමාධ්‍යවේදියෙක් ලෙස රැකියාව ආරම්භ කරමින් පසුව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයකට පත් වූ ජෙයරත්නම් ශ්‍රී රංගා පදවාගෙන පැමිණි  ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සෙට්ටිකුලම රෝහල අසල ගසක හැපී අනතුරට ලක්විය.   මෙම කුප්‍රකට රිය අනතුර සිදුවන්නේ  2011 වසරේ මාර්තු 30 වෙනිදාය. එහිදී ශ්‍රී රංගා මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට යොදවා සිටි ඇමති ආරක්ෂක අංශයේ පොලිස් සැරයන් පුෂ්ප කුමාර (36759) මිය ගියේය.

ශ්‍රී රංගා විසින් පදවාගෙන පැමිණ අනතුරට ලක්කළ මෝටර් රථය පදවනු ලැබුවේ රංගා නොව,  මිය ගිය නිලධාරියා බවට අනතුරින් පසු ව්‍යාජ සාක්ෂි සැකසිනි.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

මේ සම්බන්ධයෙන් මිය ගිය පොලිස් සැරයන්වරයාගේ බිරිය විසින් එන්.කේ. ඉලංගකෝන්  පොලිස්පතිවරයාව සිටියදී පැමිණිල්ලකර කර තිබුණි. ඒ අනුව සිදුකල විමර්ශනයේදී අනාවරණය වන්නේ ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ බලපෑම් මත එම අනතුර සම්බන්ධයෙන් සාක්ෂි වෙනස්කරමින් රියදුරු ලෙස මිය ගිය නිලධාරියාව ඉදිරිපත් කර ඇති බවය.

පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් කළ විමර්ශනයේදී අනාවරණය වන්නේ මෙම අනතුර සිදුවන විට පොලිස්පතිවරයාව සිටි මහින්ද බාලසූරිය විසින් කළ දැනුම් දීමකට අනුව මිය ගිය නිලධාරියා රියදුරු ලෙස පොලිස් පොත්වල සටහන් තබා ඇති බවය.

ඊට එවකට සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි රොෂාන් සංජීව සිය විරෝධය දක්වා ඇති බවද හෙළි වී තිබිණි.

එහිදී එවකට පොලිස්පති මහින්ද බාලසූරිය විසින් සෙට්ටිකුලම ස්ථානාධිපතිවරයා කොළඹට කැදවා ඒ අතරතුර  වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයා මගින් අනතුර සිදුවන විට රියදුරු ලෙස කටයුතුකර ඇත්තේ මිය ගිය සැරයන්වරයා බවට පොලිස් පොත්පත්ද වෙනස්කර තිබුණු බව අනාවරණය වී තිබුණි.

එහෙත් ඒ වන විට පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස රොෂාන් සංජීව සේවයේ නිරතව සිටීම හේතුවෙන් ඔහුටද මේ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබුණේය.

ඔහු පොලිස්පති නියමයෙන් කොළඹට කැඳවූ අතරතුර වෙනස් කළ සාක්ෂි සටහන් පසුව බී. වාර්තාවක් මගින් අධිකරණයට වාර්තාකර කර තිබීම සම්බන්ධව චෝදනා සෙට්ටිකුලම පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයාට සහ උසාවියට සිදුවීම වාර්තා කළ සැරයන්වරයාට එල්ල විය.

ඒ අනුව පසුගිය 2022.12.29 දා පොලිස්පති නියමයෙන් මෙම නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් විය.

අසත්‍ය ප්‍රකාශ අධිකාරණයට වාර්තා කිරීම සහ ඊට ආධාර හා අනුබල දීම සම්බන්ධයෙන් වව්නියාව මහාධිකරණයේ මෙම නිලධාරීන්ට එරෙහිව නඩුවක් ගොනුකර ඇති බැවින් මෙසේ ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට පොලිස්පතිවරයාගෙන් උපදෙස් ලැබී තිබිණි.

 

මින් පෙර විශේෂ විමර්ශන ඒකකය විසින් කළ පරීක්ෂණ ගොනු නීතිපතිවරයාට යොමු කිරීමෙන් අනතුරුව 2019 වසරේදී නීතිපති උපදෙසින් ලබාදී ඇත්තේ 2011 වරේ මාර්තු 30 වෙනිදා මෙම අනතුර සිදුවන විට වව්නියාව කොට්ඨාසය භාරව සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාවත්, සෙට්ටිකුලම පොලීසිය භාරව ක්‍රියාකළ සහකාර පොලිස් අධිකාරීවරයාවත්, එවකට සෙට්ටිකුලම පොලීසියේ සිටි ස්ථානාධිපතිවරයාවත් ශ්‍රී රංගා ත් ඇතුළුව සැකකරුවන් 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

ඒ අනුව මෙම සැකකරුවන් 06 දෙනා අධිකරණයට ඉදිරිපත් වූහ.

මෙම සාක්ෂි වනෙස් කිරීමේ සිද්ධියට විරෝධය පෑ නමුත් පොලිස්පතිවරයාගේ බලපෑම මත සිදුවූ අකටයුත්තට වැඩ තහනමින් වන්දි ගෙවීමට සිදුවූ පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව නඩුව 2023.05.12 වැනි දින කැඳවූ අවස්ථාවේ දී තමන් අධිකරණයට බොරු සාක්ෂි ලබා දුන් බව පිළිගත්තේය.

ඒ අනුව චූදිත වරද පිළිගැනීම මත 2023.08.08 වැනි දින ඔහුට ඉදිරිපත් වූ චෝදනා දෙකකට අදාලව වසර එකහමාරක සිර දඬුවමක් නියම කර එය වසර හතටක අත්හිටුවීමට වව්නියාව මහාධිකරණය නියෝග කළේය.

ඊට අමතරව අගතියට පත් පොලිස් සැරයන්වරයාගේ බිරියට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවීමට ද  හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාට අධිකරණය නියෝග කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විශේෂඥ වෛද්‍යවරු රට හැර යෑම වේගවත් වෙලා – පසුගිය වසරේ පමණක් 300ක් ගිහින් – GMOA

Next Post

නරක් වී ගිය බිළඳු මළ සිරුරක කොටස් යාපනයේ ගොවිපළක් අසලින් හමුවෙයි

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.