ලලිත් චාමින්ද –
සීමාසහිත ගල්ඔය සිනි (හිගුරාන) සමාගම විසින් ඉකුත් වර්ෂයේ ( 2020) සීනි කිලෝවක් නිෂ්පාදනය කීරීම සඳහා රුපියල් 216.72ක වියදමක් දරා ඇති බැව් ශ්‍රි ලංකා මහබැංකුව කියයි.
2019 වර්ෂයේ දි මෙම සිනි සමාගම විසින් සීනි කිලෝවක් නිෂ්පාදනය කිරීම සදහා රුපියල් 221.22ක වියදමක් දරා ඇත. එමෙන්ම සීමාසහිත ලංකා සීනි පුද්ගලික සමාගමේ පැලවත්ත ඒකකය මගින් සීනි කිලෝවක් නිෂ්පාදනය කිරිම සඳහා රුපියල් 179.05ක වියදමක් දරා ඇත.
2020 වර්ෂයේ දි සෙවනගල, පැල්වත්ත,ගල්ඔය යන සීනි සමාගම විසින් සීනි මෙට්‍රික්ටොන් 59 869ක් නිෂ්පාදනය කොට ඇත. සෙවනගල ඒකකය මගින් සීනි මෙට්‍රික්ටොන් 16114ක්, පැලවත්ත ඒකකය මගින් සීනි මෙට්‍රික්ටොන් 23582ක්, ගල්ඔය සීනි සමාගම විසින් සීනි මෙට්‍රික්ටොන් 20173ක් නිෂ්පාදනය කොට ඇත.
ඉකුත් වර්ෂයේ දි සීනි ආනයනය සඳහා රුපියල් මිලියන 51 146ක් වැය වි ඇති බවද ශ්‍රි ලංකා මහ බැංකුව පවසයි.
ඉකුත් වර්ෂයේ දී මෙරට ඒක පුද්ගල සීනි පාරිභෝජනය කිලෝග්‍රැම් 33.87කි.