හිඟන්නාගේ ගිණුමෙත් කෝටි 14ක කුඩු සල්ලි

රත්මලානේ මර්වින් ජානාගේ ගිණුම් මෙහෙයවීම

හිටපු බැංකු ලොක්කෙක් අතේ
රත්මලාන ප්‍රදේශයේ සිඟමන් යදිමින් ජීවත් වන එක් පුද්ගලයකුගේ බැංකු ගිණුමෙන් රුපියල් කෝටි 14කට අධික මුදලක් සංසරණය වී ඇති අතර මෙම මුදල් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන ලද මුදල් බව අනාවරණය වී තිබේ.

මේ වනවිට බන්ධනාගාර ගතව සිටින කුඩු ජාවාරම්කරුවකු වන මර්වින් ජානා නැමැත්තා විසින් උපයන ලද මුදල් මේ අයුරින් මෙම යාචක පුද්ගලයාගේ ගිණුම හරහා හුවමාරු වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම කුඩු ජාවාරම්කරුවා මේ වනවිට රඳවා ඇත්තේ දරුණු අපරාධකරුවන් රඳවා සිටින බූස්ස බන්ධනාගාරයේ දැඩි රැකවල් මැදය.


ඔහු විසින් පසුගිය කාලය තුළ අති විශාල මුදල් ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයා ඇති අතර ඒවා විවිධ පුද්ගලයන්ගේ බැංකු ගිණුම් හරහා ගනුදෙනුවලට යොදා ගෙන ඇත.

මෙම බැංකු ගිණුම් රැසක් අන්තර්ජාලය මාර්ගයෙන් හසුරුවා ඇත්තේ රාජ්‍ය බැංකුවක විශ්‍රාමික බැංකු ප්‍රධානියකු බව පොලිස් පරීක්ෂණවලදී අනාවණය වී ඇත.

65 හැවිරිදි මෙම යාචකයා මත්කුඩුවලට තදින් ඇබ්බැහි වුවකු බවටද හඳුනාගෙන ඇත.

රත්මලානේ මර්වින් ජානා නැමැත්තාගේ බිරිඳ සහෝදරිය ඇතුළු පවුලේ සමීපතයින් කිහිප දෙනකුද මෙම ජාවාරමට සම්බන්ධ වී ඇති අතර ඔහුගේ සහෝදරියකද මීට දින කිහිපයකට පෙර පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇයගේ බැංකු ගිණුම් පහකින් රුපියල් කෝටි 37කට අධික මුදලක් සංසරණය වී ඇති බව අනාවරණය වේ.

Exit mobile version