ලලිත් චාමින්ද
හික්කඩුව වෑවල ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථාන තුනකට පහර දී අලාභහානි කිරිම සම්බන්දයෙන් තරුණයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගත්බැව් හික්කඩුව පොලිසිය පවසයි.
සැකකාර තරුණයන් මත්ද්‍රව්‍ය පානයකොට මුහුණු ආවරණය කරගෙන යතුරුපැදිවලින් ගොස් මෙම පහරදිම් සිදුකොට ඇති බැව් පොලිස් පරික්ෂණවලදි අනාවරණය වී ඇත. මෙම තරුණයන් විසින් සම්භාහන මධ්‍යස්ථානයක සිටි ආයුර්වේද වෛද්‍යවරයකුට සහ කාන්තාවකට ද පහරදී ඇති බව පොලිසිය පවසයි. පහරදීමෙන් මෙම සම්භාහන මධ්‍යස්ථානවලට ලක්ෂ 10,12 ක පමණ බරපතළ හානි වී ඇති බවද පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලදි අනාවරණය වී ඇත.
පොලිසිය විසින් සැකකාර තරුණයන් අත්අඩංගුවට ගැනීමට යාමේදී යතුරුපැදියෙන් ඇද වැටීමෙන් දෙදෙනෙකු තුවාල ලබා ඇත. මෙම පහරදීම් සඳහා නායකත්වය ලබා දී ඇත්තේ මිනිමැරුමක් සම්බන්දයෙන් චෝදනා එල්ල වී ඇති අයෙකු බවද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19 හා 25 අතර වයස් කාණ්ඩවල පසුවන අය බවද පොලිසිය පවසයි. පහරදීමට හේතුව අනාවරණය වී නොමැති අතර මත්කුඩු පානය කිරිමත් සමඟ ඇති වූ මානසික තත්ත්වයත් සමඟ මොවුන් මෙකී පහරදීම් සිදුකොට ඇති බවද පොලිසිය පවසයි.
හික්කඩුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.