ලලිත් චාමින්ද
හික්කඩුව පොලිස්බල ප්‍රදේශය තුළ ඊයේ (20) රාත්‍රි සිදුකළ විශේෂ මෙහෙයුමකදි විවිධ වැරදි සම්බන්දයෙන් පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගත්බැව් හික්කඩුව පොලිසිය පවසයි.
මෙකී මෙහෙයුමේ දි හෙරොයින් මත්කුඩු මිලිග්‍රැම් 95ක් සමග පුද්ගලයන් 03 නෙකු, නීති විරෝධි මත්පැන් බෝතල් 10ක් සමඟ එක් අයකු, බීමත් රියදුරකු, සැකපිට කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයන් 02නකු, බලපත්‍රයක් නොමැතිව බොරළු ප්‍රවාහනය කරමින් තිබු ට්‍රක්රථයක් සමඟ එහි රියදුරු, සහ අධිකරණය මගහරිමින් සිටි වරෙන්තුකරුවන් 02 නෙකු අත්අඩංගුවට ගත්බැව් පොලිසිය පවසයි.
එමෙන්ම විවිධ රථවාහන වැරදි සම්බන්දයෙන් පුද්ගලයින් 06 දෙනෙකු කොටුකරගැනිමට හැකි වූ බවද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. හික්කඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සඳසිරි ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකරනු ලැබීය.







