හැඳුනුම්පත් අංක ක්‍රමය අදත් දැඩි ලෙස ක්‍රියාත්මකයි…

National-ID

හැඳුනුම්පත් අංක ක්‍රමය තදින්ම ක්‍රියාත්මකබවත්, එම ක්‍රමයට අනුව අද අත්‍යවශ්‍ය නොවන කරුණු සඳහා නිවසින් පිටව යෑමට හැක්කේ හැඳුනුම්පතේ අවසන් අංක 0, 2, 04, 06, සහ 08 අංකය සහිත පුද්ගලයන්ට පමණ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

හැඳුනුම්පත නැතිනම් ඒ බව සනාථ කරන ලියැවිල්ලක් තමා ලඟ තිබිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි. ඒ වෙනුවට විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය භාවිත කළ හැකි නමුත් එහිදී ද සලකා බලන්නේ එහි සඳහන් හැඳුනුම්පත් අංකයේ අවසාන අංකය බව ඔහු පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජාතික හැදුනුම්පත් අංක ක්‍රමවේදයෙන් බැහැරව අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා නිවසින් පිටතට පැමිණෙන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.


Exit mobile version