හැදුනුම්පතේ අවසන් අංක සෙවූ පොලිසියට කෝටියක කුඩු තොගයක් හමුවෙයි

woman arrested

මෝදර පොලිස් ස්ථානය මගින් නිවසින් බැහැර වන ජනතාවගේ හැඳුනුම්පතේ අංකය පිළිබඳ පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් සිදු කරන අතරතුර ත්‍රීරෝද රථයක ගමන් ගනිමින් සිටි කාන්තාවක් සතුව රුපියල් කෝටියක පමණ මිලකින් යුතු මත්කුඩු තොගයක් හමුවී තිබේ.

බෝධිය හංදිය ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 500 ක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 ක් හෑෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ එකක් තිබී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය වැල්ලම්පිටිය පදිංචි කාන්තාවක් බව පොලිසිය පවසයි.


මුල්ලේරියාවේ පදිංචිකරුවකු වූ ත්‍රීරෝද රථයේ රියදුරු එම රථය ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය තොගය මුළු වටිනාකම රුපියල් ලක්ෂ 95 කට අධික බව පොලිසිය කියයි.

මෝදර පොලිසිය මගින් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හැදුනුම්පත් අංක ක්‍රමයට අනුව ජනතාව ගමන් ගන්නේ දැයි නිරතුරුව දිවයින පුරා පරීක්ෂා කරන බව පොලීසිය පවසයි.

Exit mobile version