සමගි ජන බලවේයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු කොළඹ ආසිරි ශල්‍ය රෝහලේදී හෘද සැත්කමක් කර ඇති බව වාර්තා වේ.
මෙම සැත්කම සිදු කිරීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා සුප්‍රසිද්ධ හෘද රෝග විශේෂ වෛද්‍ය ගෝටාභය රණසිංහ රණසිංහට ස්තුතිය පුද කර ඇත. සමාජ මාධ්‍යය ඔස්සේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ විදේශයකය ඉහළම පහසුකම් යටතේ ලැබෙන වෛද්‍ය සේවාවක් ගෝඨාභය රණසිංහ ඇතුළු කාර්ය මණ්ලය විසින් ලබා දී තමන් දෙවන ජීවතයක පිහිටවූ බවය.
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සඳහා ඔහු අත්අඩංගුවට නොගන්නා බව ඊයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපතිවරයා ප්‍රකාශයට පත් කිරීමත් සමග හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා නීතිපති දෙපාර්තමේන්තුවෙන් ද යම් සහනයක් ලබා ගත්තේය.