fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හරක් කටාගේ කෝටි 330ක කුඩු තොගය අල්ලන්න මුහුද මැද කළ නාවික මෙහෙයුම!

මාස 4ක් ago
in පුවත්, සමාජ
485 5
0
Share on FacebookShare on Twitter

ගැඹුරු මුහුදේ නාවික හමුදාව සිදු කළ විශේෂ මෙහෙයුමකින් රුපියල් මිලියන 3300කට අධික වීථි වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ දේශිය ධීවර යාත්‍රා 02ක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව අද නිවේදනය කළේය.

මෙම ජාවාරම සම්බන්ධව සැකකරුවන් 16 දෙනෙක් දැනට අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව ශ්‍රී ලංකාවට දකුණු ‍දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකින්  අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය ඩුබායිහි සිට මහාපරිමාණ ජාවාරමක යෙදෙන “මිදිගම චින්තක” නොහොත් ‘හරක් කටා”ගේ බවට තොරතුරු ලැබී තිබේ.

රුපියල් මිලියන 3300කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය කිලෝ ග්‍රෑම් 330 කට අධික  ඇසුරුම් බරක් සහිතය.

මත්ද්‍රව්‍ය තොගය…

එම මත්ද්‍රව්‍ය සහිත දේශීය බහුදින යාත්‍රාවක් සහ එම ජාවාරමට සම්බන්ධ තවත් දේශීය යාත්‍රාවක් සමඟ දේශීය සැකකරුවන් 11 දෙනෙකු  පසුගිය ජනවාරි  17 සහ 22 යන දිනයන්හී අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණි.

මෙහෙයුම

මත්ද්‍රව්‍ය තොගය තිබුණු යාත්‍රාව

රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය එක්ව සිදු කළ බුද්ධි මෙහෙයුමකට අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාව ජාත්‍යන්තර මුහුදේ සති 02ක පමණ කාලයක් ආවේක්‍ෂණය කරමින් සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදී, ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, දෙවුන්දර සිට නාවික සැතපුම් 737ක පමණ දුරින් වූ (කිලෝ මීටර් 1364ක් පමණ) ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු දේශීය බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී.

එහිදී එම බහුදින ධීවර යාත්‍රාවේ සූක්‍ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ උර දහතුනක් තුළ   පාර්සල් 309ක් ලෙස අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 330 කට අධික (ඇසුරුම් බර සහිතව) තොගයක් සොයා ගැනීමෙන් අනතුරුව, එම දේශීය බහුදින ධීවර යාත්‍රාව සමඟ එහි සිටි දේශීය සැකකරුවන් 06 දෙනෙකු 2022 ජනවාරි මස 17 වන දින අත්අඩංගුවට ගෙන ඇත.

යාත්‍රාවේ සිටි සැකකරුවන් හය දෙනා…

එම මුහුදු ප්‍රදේශයේ සමුදුර නෞකාව මඟින් තවදුරටත් සිදු කළ සෝදිසි මෙහෙයුම් මඟින් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය මුහුදේදී හුවමාරු කර ගොඩබිමට රැගෙන යාමට පැමිණි තවත් දේශිය බහුදින යාත්‍රාවක් සමඟ සැකකරුවන් 05 දෙනෙකු 2022 ජනවාරි මස 22 වන දින අත්අඩංගුවට ගෙන තිබේ.

කුඩු තොගය රැගෙන යෑමට පැමිණි සැකකරුවන් පස් දෙනා…

ගෙඩබිම් ජාලය

තවද, මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ගොඩබිම් ජාලයට සම්බන්ධ තවත් සැකකරුවන් 05 දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් සොයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් මෙහෙයුම් සිදු කරනු ලබයි.

තවද, මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ජාවාරම් කරු ඩුබායි රාජ්‍යයේ සිට මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට තොරතුරු සනාථ වී ඇත.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කළ මෙම විශේෂ මෙහෙයුම මඟින් අත්අඩංගුවටගත් හෙරොයින් තොගය, සැකකරුවන් සහ බහු දින ධීවර යාත්‍රා නාවික හමුදාවේ ආරක්‍ෂාව යටතේ මේ වන විට කොළඹ වරායට රැගෙන එමින් සිටින අතර, මේ සම්බන්ධ ඉදිරි නීතිමය කටයුතු සහ වැඩිදුර විමර්ශන කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදු කිරීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව 2021 වර්ෂයේ දී සිදුකළ මෙහෙයුම් මඟින් රුපියල් බිලියන 15.86කට අධික වීථි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

Join @lankasara on Telegram Channel
Tags: නවතමවිශේෂ
Previous Post

කලාපීය භූ චලන හඳුනාගන්න චීන ආධාර ඇතිව බස්නාහිරට නව භූ කම්පන මධ්‍යස්ථානයක්!

Next Post

දරුවන් පෙන්වමින් හිඟා කන නුවර ගෑණු පොලිසියෙන් අල්ලයි!

Related Posts

පොහොට්ටුව 21 ට එරෙහි වෙයි?…

මැයි 22, 2022

CID ය පොලිස්පතිගෙන් පැය 05ක් පුරා ප්‍රකාශය සටහන් කරගනී…

මැයි 21, 2022

බයිසිකල් මැරයා හෙවත් ගාලුමුවදොරට ගැසූ පාතාලයේ සතා නාලක සී.අයි.ඩී. අත්අඩංගුවට…

මැයි 21, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • පොහොට්ටුව 21 ට එරෙහි වෙයි?…
  • CID ය පොලිස්පතිගෙන් පැය 05ක් පුරා ප්‍රකාශය සටහන් කරගනී…
  • බයිසිකල් මැරයා හෙවත් ගාලුමුවදොරට ගැසූ පාතාලයේ සතා නාලක සී.අයි.ඩී. අත්අඩංගුවට…
  • “කළු පාට කුරුල්ලා“ එවූ පාර්ලිමේන්තු ගොළුවාගේ පොලිස් ඇමතිකම…
  • පැය 16ක් පෝලිමේ සිටි මිනිසුන් නොතකා පොලිස් පාට් දමා පුතාගේ වාහනයට තෙල් ගැසූ පොලිස් සුනඛයා!

ජනප්‍රිය පුවත්

  • පොහොට්ටුව 21 ට එරෙහි වෙයි?…

    174 shares
    Share 70 Tweet 44
  • “කළු පාට කුරුල්ලා“ එවූ පාර්ලිමේන්තු ගොළුවාගේ පොලිස් ඇමතිකම…

    241 shares
    Share 96 Tweet 60
  • බයිසිකල් මැරයා හෙවත් ගාලුමුවදොරට ගැසූ පාතාලයේ සතා නාලක සී.අයි.ඩී. අත්අඩංගුවට…

    241 shares
    Share 96 Tweet 60
  • පත්කිරීමට නියමිත කැබිනට් ඇමති ධුර 07බෙදෙන්නෙ මෙහෙමයි….

    239 shares
    Share 96 Tweet 60
  • පැය 16ක් පෝලිමේ සිටි මිනිසුන් නොතකා පොලිස් පාට් දමා පුතාගේ වාහනයට තෙල් ගැසූ පොලිස් සුනඛයා!

    228 shares
    Share 91 Tweet 57
  • ඉන්ධන පෝලිමේ සිට අලුයම ගෙදර යන්න ගිය  සූරියවැව කෘෂි පර්යේෂණ නිලධාරියා වනඅලි ප්‍රහාරයකින් මරුට…

    218 shares
    Share 87 Tweet 55

Highlights

“කළු පාට කුරුල්ලා“ එවූ පාර්ලිමේන්තු ගොළුවාගේ පොලිස් ඇමතිකම…

පැය 16ක් පෝලිමේ සිටි මිනිසුන් නොතකා පොලිස් පාට් දමා පුතාගේ වාහනයට තෙල් ගැසූ පොලිස් සුනඛයා!

හරීන් – මනුෂ ඇමති කම් ගැනීම ගැන නාමල් සතුටින්….

සී.අයි.ඩී. ය පොලිස්පතිගෙන් කටඋත්තර ගැනීම අරඹයි.!

ප්‍රශ්නය විසඳගන්නව ද?. නැද්ද?. දැන් තීන්දුව තිබෙන්නෙ ජනතාව අතේ…. බලශක්ති ඇමති කියයි!

තෙල් එනව ද නැද්ද දැනගන්න “ෆෝන් ආන්සර්“ කරපියව්!… “ෂෙඩ්“ ලඟ රැය පහන් කරන ජනතාව තෙල් ලොක්කන්ට කියති!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

පොහොට්ටුව 21 ට එරෙහි වෙයි?…

by editor
මැයි 22, 2022
0

21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව පොහොට්ටුව...

CID ය පොලිස්පතිගෙන් පැය 05ක් පුරා ප්‍රකාශය සටහන් කරගනී…

by editor
මැයි 21, 2022
0

පුරා පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශයක්...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist