හයිටි ජනපති ඝාතකයින් කොටුවෙයි

හයිටි ජනාධිපති යොවෙනාල් මොයිසේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව එරට පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව මෙම වෙඩි තැබීමට සම්බන්ධ කුලිහේවායින් දෙනෙකු අත් අඩංගුවට ගැනීමට හැකිව ඇති අතර තවත් සිව් දෙනෙකු පොලිස් වෙඩි පහරින් මරණයට පත්ව තිබේ.

හයිටි රාජ්‍යයේ ජනාධිපති යොවෙනාල් මොයිසේ සිය පුද්ගලික නිවසේදී නාදුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කර තිබිණි


අළුයම 1කට පමණ ජනාධිපතිවරයාගේ නිවසට ඇතුළු වු වෙඩික්කරුවන් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර එහිදී ජනාධිපතිවරයාගේ බිරිඳද තුවාල ලබා ඇත.

වෙඩි තැබීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අන්තර්වාර අග්‍රාමත්‍ය ක්ලෝඩ් ජෝසෆ් ප්‍රකාශ කර ඇති අතර රාජ්‍යයේ කටයුතු ගැටලුවකින් තොරව පවත්වාගෙන යෑමට පියවර ගන්නා බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

වෙඩික්කරුවන් ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ බසින් කතා කර ඇති බවත් අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඝාතනයට ලක්වූ ජනාධිපතිවරයා 2017 වර්ෂයේදී එම ධූරයට පත්වූ අතර සිය පලනය කාලයේදී දූෂණ චෝදනාද එල්ල වී තිබේ.

Exit mobile version