හමුදා නිලධාරීන් යටකොට පලායන්නට හැදූ වැලි ජාවාරමුන්ට වෙඩි… අයෙක් වෙඩි වැදී රෝහලේ…

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිළිනොච්චියේ අම්බලපොක්කනෙයි නාගේන්ද්‍රපුරම් ප්‍රදේශයේදී අනවසරයෙන් වැලි පටවා ගෙන නොනවත්වා ධාවනය කළ ටිපර් රථයකට යුද හමුදාව ඊයේ ( 21) දා සිදු කළ වෙඩි තැබීමකදී එක් පුද්ගලයෙකු තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුලත් කොට තිබේ.

මෙසේ තුවාල ලබා ඇත්තේ එම ටිපර් රථය පැද වූ රියදුරා බවට තොරතුරු ලැබී තිබේ.

මෙම ප්‍රදේශයේ අනවසරයෙන් වැලි කපා ප්‍රවාහනය කරණ බවට යුද හමුදාවට ලැබුණු තොරතුරක් මත යුද හමුදාව එම ප්‍රදේශයට යමින් සිටියදී වැලි පටවා ගෙන පැමිණි ටිපර් රථයක් යුද හමුදා නිලධාරීන් විසින් නතර කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී එය පැද වූ රියදුරා හමුදා නිලධාරීන්ව යට කොට ටිපර් රථය ධාවනය කරවීමට උත්සාහ කිරීම නිසා යුද හමුදාව එම රථයට වෙඩි තබා ඇත.

කිළිනොච්චිය පොලීසිය හා යුද හමුදාව සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version