හම්බන්තොට වැලි ජාවාරම් කරුවන්ට අරලගංවිල දී පාඩමක්!

මනම්පිටිය නිමල් ජයරත්න –

හම්බන්තොටින් පැමිණි වැලි ජාවාරම් කරුවන් පිරිසක් පොලොන්නරුව 503 කලාපයේ   බලපත්‍ර නීති රීති උල්ලංඝනය කරමින් නීති විරෝධීව මහාපරිමාණයෙන් වැලි ගොඩදමමින් සිටිය දී පළවා හැරීමට ප්‍රදේශයේ මහා සංඝරත්නය සමග එකමුතු වූ   අරලගංවිල ගොවී පිරිසක් අද (22) කටයුතු කළහ.

ප්‍රදේශවාසීහු ජාවාරම්කරුවන් වටලා ඔවුන් පලායන තුරු විරෝධතාවයක් ඇති කළහ.

ප්‍රදේශවාසීන් සඳහන් කළේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මෙම ජාවාරම් කරුවන්ට ගොවි සංවිධාන වලට නොදන්වා වැලි ගොඩ දැමීමට අවසර ලබා දී ඇති බවය.


එහෙත් මේ පිළිබඳව කළ විමසීමක දී මහවැලි බී කලාපයේ නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර  කළමනාකාර (තාක්ෂණ) එස් වසන්ත  සඳහන් කළේ  ගොවි සංවිධානවල අවසර මත  වැලි ගොඩ දැමීම සිදුකරන බවයි.

ගොවීන් පවසන්නේ මහවැලි නිලධාරීන් අමූලික බොරු කියන බවය. තමන් මෙසේ සංවිධානය වී පැමිණ වැලි ජාවාරම්කරුවන් පළවා හැරියේ වගකිවයුත්තන් මේ අපරාධයට  ඉඩ දී තිබෙන නිසා බව ප්‍රදේශයේ ගොවීහු කීහ

“මේ වැලි ගොඩදැමීම නිසා අමුණෙ  බැම්මටයි ඇල මාර්ගවලටයි විශාල හානියක් වෙනවා.  මේ සිදුකරන  විනාශය හේතුවෙන් කුඹුරු  අක්කර දෙදහස් පන්සියයක් ගංවතුරෙන් යටවීමේ අවදානමක් ඇවිත්. අමුණ හරහා ඇති පාලමත් කැඩිලා. අපට යන්න එන්න බැරිව අසරණ වෙනවා.  ගම්මාන ගණනාවකට යන්නෙ මේ පාරෙන්…“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුහු වැඩි දුරටත් කීහ.

Exit mobile version