හම්බන්තොට ට වතුර දෙන්න සිංහරාජයේ මැද වැව් දෙකක්!

හම්බන්තොටට පිරිසිදු ජලය සැපයීම සඳහා සිංහරාජ වැසි වනාන්තරය තුළ ජලාශ දෙකක් ඉදිකිරීමට රජය යෝජනා කර තිබේ.

ගිං නිල්වලා හැරවුම් ව්‍යාපෘතියේ කොටසක් ලෙස මෙම ජලාශ ඉදිකරන බව සෙනසුරාදා (20) වීරකැටියේ දී වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.

මෙම යෝජනාව කරන ලද්දේ මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධුර කාලය තුළදීය. මෙම ව්‍යාපෘතිය මගින් පිරිසිදු ජලය දකුණු ප්‍රදේශවලට ගෙන යාම උදෙසා දියත් කරනු ලබයි.


ගිං නිල්වලා හැරවුම් යැවීමේ ව්‍යාපෘතිය ගිං සහ නිල්වලා ගංගාවලින් ගිරුවාපත්තුව වෙත ගෙනගොස්, තංගල්ල, බෙලිඅත්ත, වීරකැටිය, වලස්මුල්ල, දඹරැල්ල සහ වෙනත් ප්‍රදේශවලට ජලය සැපයීමටත් යෝජනා කළ බව ඔහු පැහැදිලි කළේය.

යෝජිත ව්‍යාපෘතිය යටතේ සෑම ජලාශයක්ම වැසි වනාන්තරය තුළ අක්කර පහක් පුරා විහිදෙනු ඇත.

සිංහරාජයට අහිමි වන අක්කර පහ සඳහා අක්කර 100 ක වනාන්තරයක් වෙනම ස්ථානයක වගා කරන බවට ඔහු පොරොන්දු විය.

මෙම ව්‍යාපෘතියේ සැලසුම් සකස් කිරීමට චීන සමාගමකට පිරිනමන ලද අතර පසුගිය වසර පහ තුළ එහි කටයුතු ඇණ හිට ඇති බව ද ඔහු පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විටත් චීන සමාගමට ගෙවීම් කර ඇති අතර එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රජය අවශ්‍ය පියවර ගෙන ඇති බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

Exit mobile version