fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හදිසි නීතිය භාවිත කරමින් මර්ධනයක් දියත් කරන වික්‍රමසිංහ ආණ්ඩුව ගැන හියුමන් රයිට්ස් වොච් කතා කරයි…

සති 2ක් ago
in පුවත්
541 5
0
Share on FacebookShare on Twitter

බීබීසී –

  • “ශ්‍රී ලංකාවේ ගැඹුරින් මුල් බැස ඇති ආර්ථික ගැටලු විසඳීම සඳහා මානව අයිතිවාසිකම් ගරු කරන පරිපාලනයක් සමඟ කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර හවුල්කරුවන්ට පැහැදිලි විය යුතු යැයි හියුමන් රයිට්ස් වොච් හි දකුණු ආසියානු අධ්‍යක්ෂ මීනක්ෂි ගංගුලි අවධාරණය කරයි. 

දේශපාලන ප්‍රතිසංස්කරණ සහ රටේ ආර්ථික අර්බුදයට වගවීම අපේක්ෂා කරන ක්‍රියාකාරීන්ට හිරිහැර කිරීමට සහ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීමට ශ්‍රී ලංකා රජය හදිසි නීති රෙගුලාසි භාවිතා කරමින් සිටින බව හියුමන් රයිට්ස් වොච් අද (03) ප්‍රකාශ කළේය.

2022 ජූලි 21 වැනිදා රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස දිවුරුම් දුන් දා සිට, විරෝධතාකරුවන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, නීතිඥයන් සහ මාධ්‍යවේදීන් බිය ගැන්වීම්, සෝදිසි කිරීම් සහ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් හරහා විරෝධතා මැඩපැවැත්වීමට පොලිසිය සහ හමුදාව උත්සාහ කර ඇතැයි එම සංවිධානය පවසයි.

හියුමන් රයිට් වොච් සංවිධානය පෙන්වා දෙන්නේ, ජූලි 22 වන දින ජනාධිපති වික්‍රමසිංහ විරෝධතාකරුවන් විසුරුවා හරින ලෙසත් කොළඹ නගරයේ ඔවුන්ගේ අරගල භූමිය බිඳ දමන ලෙසත් ආරක්ෂක අංශවලට නියෝග කර ඇති බවයි. පොලිසිය පසුව විරෝධතා නායකයින් ඉලක්ක කර අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම කර ඇති බවයි

The people of Sri Lanka are reeling under an economic crisis. Instead of addressing people’s basic needs, the government is heightening its crackdown on dissent. https://t.co/ACCusgPlax pic.twitter.com/7hwdWCXDlO

— Human Rights Watch (@hrw) August 3, 2022

“සාමකාමී විරෝධතාවන් ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් මර්දනය කිරීම, රටේ හදිසි ආර්ථික අර්බුදය විසඳීමේ අවශ්‍යතාවයෙන් අවධානය වෙනතකට යොමු කිරීමට වැරදි සහ නීති විරෝධී උත්සාහයක් බව පෙනේ” යනුවෙන් හියුමන් රයිට්ස් වොච් හි දකුණු ආසියානු අධ්‍යක්ෂ මීනක්ෂි ගංගුලි පැවසීය.

“ශ්‍රී ලංකාවේ ගැඹුරින් මුල් බැස ඇති ආර්ථික ගැටලු විසඳීම සඳහා මානව අයිතිවාසිකම් ගරු කරන පරිපාලනයක් සමඟ කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර හවුල්කරුවන්ට පැහැදිලි විය යුතුය.” ඇය අවධාරණය කළාය.

ජුලි 22 අලුයම ආරක්ෂක අංශ කොළඹ ප්‍රධාන ජනතා අරගල භූමියට කඩා වැදීමෙන් 50 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

වැටලීමේදී Xposure News හි මාධ්‍යවේදීන් තිදෙනෙකු වන චතුරංග ප්‍රදීප් කුමාර, රසික ගුණවර්ධන සහ ෂබීර් මොහොමඩ් සහ අවම වශයෙන් තවත් එක් මාධ්‍යවේදියෙකු වන BBC හි ජරීන් සැමුවෙල්ට ආරක්ෂක හමුදා පහර දුන් බව හියුමන් රයිට් වොච් පෙන්වා දෙයි.

බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇතුළු කිතුනු පූජකවරු පිරිසක් විරෝධතාවලට එක්ව සිටියහ. එම විරෝධතාවයේ ප්‍රමුඛයෙකු වූ කතෝලික පූජකයෙකු වන ජීවන්ත පීරිස් පියතුමා ඇතුළු තවත් කිහිප දෙනෙකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ජූලි 25 වැනි දින විදෙස් ගමන් තහනමක් පැනවූ බව මාධ්‍ය වාර්තා කළේය.

දින දෙකකට පසු පොලිසිය පීරිස් පියතුමාගේ දේවස්ථානයට ගොස් ඔහුව අත්අඩංගුවට ගැනීමට නියෝගක් ඇති බව ප්‍රකාශකර ඇති බව හියුමන් රයිට් වොච් අනාවරණය කළේය.

ජුලි 26 වෙනිදා බලධාරීන් විසින් තවත් ප්‍රමුඛ පෙළේ විරෝධතාකරුවෙකු වූ ධනිෂ් අලි කොළඹින් පිටත් වීමට සූදානම් වූ ජාත්‍යන්තර ගුවන් යානයක් තුළදී අත්අඩංගුවට ගත් බවත් හියුමන් රයිට් වොච් සංවිධානය පෙන්වා දෙයි.

හදිසි නීති විධිවිධාන වහාම අවලංගු කළ යුතුයි.

ජනාධිපති වික්‍රමසිංහ ජූලි 18 වැනිදා ප්‍රකාශයට පත් කළ හදිසි නීතිය යටතේ පුද්ගලයකු මහේස්ත්‍රාත්වරයකු හමුවට ගෙන ඒමට පෙර රඳවා තබා ගත හැකි කාලය පැය 24 සිට 72 දක්වා වැඩි කර තිබේ.

බලධාරීන්ට සෝදිසි කිරීම් සහ අත්අඩංගුවට ගැනීමේ අතිරේක බලතල ලබා දී ඇති අතර, මිනිසුන් රඳවා තබා ගැනීම හෙළි නොකර දිනක් දක්වා රඳවා තබා ගැනීමට මේ අනුව හමුදාවට බලය ලැබේ.

මෙම විධිවිධාන වධහිංසා පැමිණවීමේ සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ අවදානම වැඩි කරන බව හියුමන් රයිට් වොච් සංවිධානය අවධාරණය කළේය.

ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ, හදිසි අවස්ථාවකදී ඇතුළුව, වධහිංසාවට එරෙහි ආරක්ෂාව, අධික ලෙස බලය යෙදවීම සහ අනෙකුත් මූලික අයිතිවාසිකම් කිසිවිටෙක උල්ලංඝණය නොකළ යුතුය.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට පටහැනි හදිසි නීතියේ විධිවිධාන වහාම අවලංගු කළ යුතු බව හියුමන් රයිට්ස් වොච් අවධාරණය කරයි.

එම සංවිධානය පෙන්වා දෙන්නේ හදිසි නීතිය මඟින් ජනාධිපතිවරයාට සහ පොලිසියට මහජන රැස්වීම් තහනම් කිරීමට පුළුල් බලතල ලබා දෙන බවයි.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

කඩාකප්පල්කාරී ක්‍රියා සොයන කොමිසමේ විමර්ශන කාල සීමාවේ සංශෝධනයක්…

Next Post

පොදු රද මඩුලු ක්‍රීඩා ඉතිහාසයේ  මීටර සියයේ පදක්කමක් ලද පළමු ආසියාතිකයා – යුපුන් අබේකෝන් !

Related Posts

 භාණ්ඩාගාරය තැබූ කෝටි 35129ක භූමිතෙල්  පොල්ල ගැන විගණනය කියන කතාව

අගෝස්තු 14, 2022

අලි සැමරුව හැටි… අලි දින සැමරුම් මැදත්  දළ  ඇතෙකු හා අලි දෙන්නෙකු මරා දමලා… 

අගෝස්තු 14, 2022

රාජ්‍ය සේවයට සේවකයින් කැඳවීම සීමා කිරීම ලබන 24 තෙක් වළංගුයි…

අගෝස්තු 14, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  •  භාණ්ඩාගාරය තැබූ කෝටි 35129ක භූමිතෙල්  පොල්ල ගැන විගණනය කියන කතාව
  • අලි සැමරුව හැටි… අලි දින සැමරුම් මැදත්  දළ  ඇතෙකු හා අලි දෙන්නෙකු මරා දමලා… 
  • රාජ්‍ය සේවයට සේවකයින් කැඳවීම සීමා කිරීම ලබන 24 තෙක් වළංගුයි…
  • පොලිස් ඇමතිගේ පත්තරයට එරෙහිව නාමල් පොලිසි යයි…
  • ඉන්දියාව චීනය අතර උභතෝකොටි ප්‍රශ්නයකට මැදි වුන රට ගැන අධිකරණ ඇමති කියයි!

ජනප්‍රිය පුවත්

  • රට දිනවූ නෙත්මි අහිංසාව රැවටූ හැටි හෙළි වෙයි… විලි ලජ්ජයි නාමල්!

    267 shares
    Share 107 Tweet 67
  • ප්‍රගතිශීලී වෘත්තියවේදියෝ පොහොට්ටුව හැර යති !

    266 shares
    Share 106 Tweet 67
  • හොරාත් හොල්මන් කළ ඇමති දියණියගේ ලක්ෂ 25ක මඟුල් මුද්ද…

    237 shares
    Share 95 Tweet 59
  • පොලිස් ඇමතිගේ පත්තරයට එරෙහිව නාමල් පොලිසි යයි…

    217 shares
    Share 87 Tweet 54
  • පොලිස්පති පුටුවට බලපොරය මඩ ගොහොරුවක් හදයි….

    173 shares
    Share 69 Tweet 43
  • ගෑනුන්ගේ බූරු තිප්පලක් වටලයි… 05ක් අත්අඩංගුවට…

    206 shares
    Share 82 Tweet 52

Highlights

පොලිස් ඇමතිගේ පත්තරයට එරෙහිව නාමල් පොලිසි යයි…

ඉන්දියාව චීනය අතර උභතෝකොටි ප්‍රශ්නයකට මැදි වුන රට ගැන අධිකරණ ඇමති කියයි!

හොරාත් හොල්මන් කළ ඇමති දියණියගේ ලක්ෂ 25ක මඟුල් මුද්ද…

රට දිනවූ නෙත්මි අහිංසාව රැවටූ හැටි හෙළි වෙයි… විලි ලජ්ජයි නාමල්!

ධජ ඔසවන ‘ටිරංගා’ ව්‍යාපාරයට ලද ප්‍රතිචාර ගැන අගමැති මෝදි දැඩි සතුටින්

ත්‍රීවිල්කරුවන් පුරුදු කළ ඉන්ධන ජවාරම  පොලොන්නරුවේ ට්‍රැක්ටර් පටන් අරන්… අබලන් ට්‍රැක්ටර්වලටත් QR

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

 භාණ්ඩාගාරය තැබූ කෝටි 35129ක භූමිතෙල්  පොල්ල ගැන විගණනය කියන කතාව

by editor
අගෝස්තු 14, 2022
0

ලලිත් චාමින්ද    භූමිතෙල් සහනාධාරය වෙනුවෙන් ඉකුත්...

අලි සැමරුව හැටි… අලි දින සැමරුම් මැදත්  දළ  ඇතෙකු හා අලි දෙන්නෙකු මරා දමලා… 

by editor
අගෝස්තු 14, 2022
0

නයනක රන්වැල්ල -  ලෝක අලි දිනය...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist