බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හදිසි නීතිය භාවිත කරමින් මර්ධනයක් දියත් කරන වික්‍රමසිංහ ආණ්ඩුව ගැන හියුමන් රයිට්ස් වොච් කතා කරයි…

by editor
අගෝස්තු 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

  • “ශ්‍රී ලංකාවේ ගැඹුරින් මුල් බැස ඇති ආර්ථික ගැටලු විසඳීම සඳහා මානව අයිතිවාසිකම් ගරු කරන පරිපාලනයක් සමඟ කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර හවුල්කරුවන්ට පැහැදිලි විය යුතු යැයි හියුමන් රයිට්ස් වොච් හි දකුණු ආසියානු අධ්‍යක්ෂ මීනක්ෂි ගංගුලි අවධාරණය කරයි. 

දේශපාලන ප්‍රතිසංස්කරණ සහ රටේ ආර්ථික අර්බුදයට වගවීම අපේක්ෂා කරන ක්‍රියාකාරීන්ට හිරිහැර කිරීමට සහ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීමට ශ්‍රී ලංකා රජය හදිසි නීති රෙගුලාසි භාවිතා කරමින් සිටින බව හියුමන් රයිට්ස් වොච් අද (03) ප්‍රකාශ කළේය.

2022 ජූලි 21 වැනිදා රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස දිවුරුම් දුන් දා සිට, විරෝධතාකරුවන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, නීතිඥයන් සහ මාධ්‍යවේදීන් බිය ගැන්වීම්, සෝදිසි කිරීම් සහ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් හරහා විරෝධතා මැඩපැවැත්වීමට පොලිසිය සහ හමුදාව උත්සාහ කර ඇතැයි එම සංවිධානය පවසයි.

හියුමන් රයිට් වොච් සංවිධානය පෙන්වා දෙන්නේ, ජූලි 22 වන දින ජනාධිපති වික්‍රමසිංහ විරෝධතාකරුවන් විසුරුවා හරින ලෙසත් කොළඹ නගරයේ ඔවුන්ගේ අරගල භූමිය බිඳ දමන ලෙසත් ආරක්ෂක අංශවලට නියෝග කර ඇති බවයි. පොලිසිය පසුව විරෝධතා නායකයින් ඉලක්ක කර අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම කර ඇති බවයි

The people of Sri Lanka are reeling under an economic crisis. Instead of addressing people’s basic needs, the government is heightening its crackdown on dissent. https://t.co/ACCusgPlax pic.twitter.com/7hwdWCXDlO

— Human Rights Watch (@hrw) August 3, 2022

“සාමකාමී විරෝධතාවන් ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් මර්දනය කිරීම, රටේ හදිසි ආර්ථික අර්බුදය විසඳීමේ අවශ්‍යතාවයෙන් අවධානය වෙනතකට යොමු කිරීමට වැරදි සහ නීති විරෝධී උත්සාහයක් බව පෙනේ” යනුවෙන් හියුමන් රයිට්ස් වොච් හි දකුණු ආසියානු අධ්‍යක්ෂ මීනක්ෂි ගංගුලි පැවසීය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

“ශ්‍රී ලංකාවේ ගැඹුරින් මුල් බැස ඇති ආර්ථික ගැටලු විසඳීම සඳහා මානව අයිතිවාසිකම් ගරු කරන පරිපාලනයක් සමඟ කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර හවුල්කරුවන්ට පැහැදිලි විය යුතුය.” ඇය අවධාරණය කළාය.

ජුලි 22 අලුයම ආරක්ෂක අංශ කොළඹ ප්‍රධාන ජනතා අරගල භූමියට කඩා වැදීමෙන් 50 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

වැටලීමේදී Xposure News හි මාධ්‍යවේදීන් තිදෙනෙකු වන චතුරංග ප්‍රදීප් කුමාර, රසික ගුණවර්ධන සහ ෂබීර් මොහොමඩ් සහ අවම වශයෙන් තවත් එක් මාධ්‍යවේදියෙකු වන BBC හි ජරීන් සැමුවෙල්ට ආරක්ෂක හමුදා පහර දුන් බව හියුමන් රයිට් වොච් පෙන්වා දෙයි.

බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇතුළු කිතුනු පූජකවරු පිරිසක් විරෝධතාවලට එක්ව සිටියහ. එම විරෝධතාවයේ ප්‍රමුඛයෙකු වූ කතෝලික පූජකයෙකු වන ජීවන්ත පීරිස් පියතුමා ඇතුළු තවත් කිහිප දෙනෙකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ජූලි 25 වැනි දින විදෙස් ගමන් තහනමක් පැනවූ බව මාධ්‍ය වාර්තා කළේය.

දින දෙකකට පසු පොලිසිය පීරිස් පියතුමාගේ දේවස්ථානයට ගොස් ඔහුව අත්අඩංගුවට ගැනීමට නියෝගක් ඇති බව ප්‍රකාශකර ඇති බව හියුමන් රයිට් වොච් අනාවරණය කළේය.

ජුලි 26 වෙනිදා බලධාරීන් විසින් තවත් ප්‍රමුඛ පෙළේ විරෝධතාකරුවෙකු වූ ධනිෂ් අලි කොළඹින් පිටත් වීමට සූදානම් වූ ජාත්‍යන්තර ගුවන් යානයක් තුළදී අත්අඩංගුවට ගත් බවත් හියුමන් රයිට් වොච් සංවිධානය පෙන්වා දෙයි.

හදිසි නීති විධිවිධාන වහාම අවලංගු කළ යුතුයි.

ජනාධිපති වික්‍රමසිංහ ජූලි 18 වැනිදා ප්‍රකාශයට පත් කළ හදිසි නීතිය යටතේ පුද්ගලයකු මහේස්ත්‍රාත්වරයකු හමුවට ගෙන ඒමට පෙර රඳවා තබා ගත හැකි කාලය පැය 24 සිට 72 දක්වා වැඩි කර තිබේ.

බලධාරීන්ට සෝදිසි කිරීම් සහ අත්අඩංගුවට ගැනීමේ අතිරේක බලතල ලබා දී ඇති අතර, මිනිසුන් රඳවා තබා ගැනීම හෙළි නොකර දිනක් දක්වා රඳවා තබා ගැනීමට මේ අනුව හමුදාවට බලය ලැබේ.

මෙම විධිවිධාන වධහිංසා පැමිණවීමේ සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ අවදානම වැඩි කරන බව හියුමන් රයිට් වොච් සංවිධානය අවධාරණය කළේය.

ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ, හදිසි අවස්ථාවකදී ඇතුළුව, වධහිංසාවට එරෙහි ආරක්ෂාව, අධික ලෙස බලය යෙදවීම සහ අනෙකුත් මූලික අයිතිවාසිකම් කිසිවිටෙක උල්ලංඝණය නොකළ යුතුය.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට පටහැනි හදිසි නීතියේ විධිවිධාන වහාම අවලංගු කළ යුතු බව හියුමන් රයිට්ස් වොච් අවධාරණය කරයි.

එම සංවිධානය පෙන්වා දෙන්නේ හදිසි නීතිය මඟින් ජනාධිපතිවරයාට සහ පොලිසියට මහජන රැස්වීම් තහනම් කිරීමට පුළුල් බලතල ලබා දෙන බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කඩාකප්පල්කාරී ක්‍රියා සොයන කොමිසමේ විමර්ශන කාල සීමාවේ සංශෝධනයක්…

Next Post

පොදු රද මඩුලු ක්‍රීඩා ඉතිහාසයේ  මීටර සියයේ පදක්කමක් ලද පළමු ආසියාතිකයා – යුපුන් අබේකෝන් !

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.