හදිසි ඔක්සිජන් තොගයක් ගේන්න නාවික හමුදා නැවක් පිටත් වෙයි

ශ්‍රී ලංකාවේ දැනට නිපදවන දෛනික ඔක්සිජන් ප්‍රමාණයට සාපේක්ෂව ඉල්ලුම වැඩි වශයෙන් පවතින තත්ත්වය මත හදිසි ඔක්සිජන් සැපයුමක් ලබා ගැනීම සදහා නාවික හමුදාවට අයත් නෞකාවක් අද ඉන්දියාව බලා පිටත් වීමට නියමිතය.

නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව ත්‍රිකුණාමලය වරායේ සිට චෙන්නායි බලා මෙම හදිසි ඔක්සිජන් සැපයුම ලබා ගැනීම සඳහා අද දිනය තුළ පිටත් වනු ඇත.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා ලංකාසරට පැවසුවේ එම නෞකාවේ කටයුතුවලට අදාළ මූලික දෑ මේ වන විට සම්පාදනය කර ඇති බවත් එම නෞකාව හැකි ඉක්මනින් ඔක්සිජන් සිලින්ඩර තොගය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බවයි.


දෛනිකව රට තුල ඔක්සිජන් ටොන් 77ක් නිෂ්පාදනය වන අතර මේ වනවිට දෛනික අවශ්‍යතාවය ටොන් 95 ද ඉක්මවා ගොස් තිබේ.

කොවිඩ් අර්බුදය උත්සන්න වීමට පෙර මෙරට නිෂ්පාදනය වූ ඔක්සිජන් ප්‍රමාණයෙන් ටොන් 44ක් පමණ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලබාගත්ත ද ඒ වන විට එම සංඛ්‍යාව දෙගුණය ද ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් හදිසියේ ඔක්සිජන් සැපයුමක් ලබා ගැනීමට මේ වන විට රජය කටයුතු යොදා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නාවික හමුදා යාත්‍රාව අද පිටත්වෙන්නේ එම ඔක්සිජන් තොගය ලබාගැනීම සඳහායි.

Exit mobile version