හදා වඩා ගත නොහැකි මාස 03ට අඩු ළදරුවන් භාරදීමට පළාත් මට්ටමින් කවුළු පිහිටුවයි!

දරුවන් විවිධ හිරිහැරයන්ට ලක්වීම, ඝාතනය වීම් හා මහගම දමා යාමේ සිද්ධි වැඩි වශයෙන් වාර්තා වීම හේතුවෙන්  හදා වඩා ගැනීමට නොහැකි මාස 3 ට අඩු දරුවන් භාරදීම සඳහා පළාත් මට්ටමින් කවුළු පිහිටුවීමට රජය තීරණය කර තිබේ.

පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ, ඊට අදාළ නීති කඩනිමින් සම්පාදනය කරන බවයි.

2017 වසරේ සිට මේ දක්වා ළමයින් 80 ක් ඝාතනයට ලක්ව ඇති අතර තවත් 60 ක් මහ මග අතහැර යාමේ සිද්ධි වාර්තා වී ඇතැයි එම දෙපාර්තමේන්තුව කියයි.

පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, දැනට පවතින නීතිය අනුව දරුවන් අතහැර යන මව්පියන්ට එරෙහිව නීති ක්‍රියාමාර්ගගත හැකි බවයි.


නව සංශෝධන අනුව දරුවන් භාර ගැනීමේ කවුළු වෙත සිය දරුවන් භාර දෙන මව්පියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බව ද පාරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ සඳහා වන දණ්ඩ නීති සංග්‍රයට ගෙන එන සංශෝධන කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, අධිකරණය අමාත්‍යාංශය හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ

 

Exit mobile version