හංසමාලිගෙ සිද්ධිය ගැන කට අරින්න එපා… අගමැති සරත් වීරසේකගේ කට වසයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පියුමී හසංමාලි සම්බන්ධ කරමින් පොලිසිය භාර අමාත්‍යවරයාට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවන විවේචනවලට පිළිතුරු නොදී නිශ්ශබ්දව ඉන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ විසින් අමාත්‍ය සරත් වීරසේකරට උපදෙස් දී තිබේ.

අග්‍රාමාත්‍යවරයා දුරකථන ඇමතුමක් මගින් අද (05) පෙරවරුවේ මේ බව අමාත්‍ය සරත් වීරසේකර වෙත දන්වා ඇත.

දිගින් දිගටම තමන් වෙත එල්ලවන ප්‍රහාරය නිසා හිරු ටී.වී.ආයතනයට හා චමුදිත සමරවික්‍රමට එරෙහිව නඩු පැවරීමට අමාත්‍ය සරත් වීරසේකර කටයුතු කරන බව ප්‍රකාශ වී ඇති බව දැනගෙන සිටි අගමැතිවරයා උපදෙස් දී ඇත්තේ මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන සමග අනවශ්‍ය ගැටුම් ඇතිකරන නොගන්නා ලෙසය.

Exit mobile version